අමාත්‍යාංශ 30කට STF ආරක්ෂාව

  👤  2499 readers have read this article !
By mawbima 2018-11-16

ආරක්ෂක අමාත්‍යාංශය හැර අමාත්‍යාංශ 30කට පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව ලබාදීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.


පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාගේ සෘජු අධීක්ෂණයෙන් පෙරේදා (14දා) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ආරක්ෂාව ලබාදී ඇත.


පොලිස්පතිවරයාගේ උපදෙස් මත මෙම ආරක්ෂණ වැඩපිළිවෙළ සකස් කර ඇති බව ජේ‍යෂ්ඨ පොලිස් නිලධාරියෙක් 'මව්බිම' කළ විමසුමකදී පැවැසීය.


පසුගිය ආණ්ඩුවේ ඇමැතිකම් දැරූ අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් නැවත එම අමාත්‍යාංශවලට බලහත්කාරයෙන් ඇතුළු වේ යැයි ලද තොරතුරු මත මෙම ආරක්ෂණ වැඩපිළිවෙළ සකස් කර ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon