මිලිමීටර් සෙන්ටිමීටර්වලින් මැන්න මැ¾ඩියො දැන් මනින්නේ ඩොලර්වලින් : රට ගොඩගන්න නම් ඒකාධිපතියකු ඕනෑ

  👤  2567 readers have read this article !
By mawbima 2018-11-16

අතුර _ ජයසේන


විසුරුවා හරින ලද දියවන්නාවේ පාර්ලිමේන්තුව මණ්ඩුක භවනක්. ඉස්සර මැ¾ඩියන්ව මැන්නේ මිලිමීටර්, සෙන්ටිමීටර්වලින්. දැන් මැ¾ඩියන්ගේ අගය වටිනාකම මනින්නේ රුපියල් සතවලින් නොවේ. ඩොලර්වලින් යැයි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විදුර වික්‍රමනායක මහතා පවසයි.
වර්තමාන දේශපාලන අර්බුදය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කරමින් විදුර වික්‍රමනායක මන්ත්‍රිවරයා එසේ කීය.


මහජනතාවගේ ඡන්දබලයෙන් මැති ඇමැති තනතුරු ලබාගත් නියෝජිතයන්, දේශපාලකයන් මෙහෙම ඩොලර්වලට විකිණී වරදාන වරප්‍රසාද ලබා ගන්නවා නම් ඔවුන්ව බලයට පත් කළ අහිංසක අසරණ ඡන්දදායකයන්ගේ ඡන්දයටත් වටිනාකමක් මිලක් දෙන්නට සිද්ධ වෙනවා නේදැයි වික්‍රමනායක මන්ත්‍රිවරයා විමසීය.
තවදුරටත් අදහස් දැක්වූ හෙතෙම මෙසේද පැවැසීය.


මේ රටේ මේ පවතින ආත්මාර්ථකාමී බලලෝභී දේශපාලන රාමුව වහාම වෙනස් කරන්න ඕනේ. අනාගත පරපුර ණය උගුලෙන් නිදහස් කරන්න විධිමත් වැඩ පිළිවෙළක්, අවංක ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ යුතුයි.


නිල් පාටින්, රතු පාටින්, කොළ පාටින්, මේ කුමන පාටකින් ආවත් හොරකම නතර කළ යුතුයි. කොහෙන් ආවත් හොරා හොරාම තමයි.
මේ රට ගොඩ ගන්නට ඒකාධිපතියකු අවශ්‍යයි. ඔහු මහජනතාවට ගරු කරන මානව ආචාරධර්ම, බෞද්ධ ප්‍රතිපත්ති, ජනමාධ්‍ය නිදහස ආරක්ෂා කරන රටට ජාතියට, ආගමට අවංකවම ආදරය කරන නායකයකු වෙන්න ඕන.


මේ පාර්ලිමේන්තුවේ එහෙම අය ඉතාම සීමිත පිරිසයි සිටින්නේ.
රට වැටී පවතින ප්‍රපාතයෙන් ගොඩ ගන්නට ප්‍රජාතන්ත්‍රවාදය තුළින් නොහැකියාවම ඔප්පු වෙලා තිබෙනවා. ඒකයි මම කිව්වේ ඒකාධිපති නායකයකු ඕනේ කියා. රටවල් දියුණු වුණේ ඒකාධිපති නායකත්වයන් තුළින්.


ඒ ඒකාධිපති නායකයාට රට ගොඩනැඟීමට විප්ලව හතරක් දියත් කරන්නට වෙනවා. කෘෂිකාර්මික විප්ලවයක්, කාර්මික විප්ලවයක්, පරිසර විප්ලවයක් සහ චින්තන විප්ලවයක් දියත් කළ යුතුයි.


අපි අපේ රට ලෝකයාට ණය නැති උතුම් රටක් කළ යුතුයි. ඒ සටනට කවුරුත් දායක වෙමු කියා පණිවුඩය නායකත්වයේ සිට කුඩා දරුවාගේ දක්වා සිත් තුළට කාවැද්දිය යුතු වෙනවා. ඇත්ත, එහෙම කරපු දාට හොරකම වංචාව නැතුව පරිත්‍යාගශීලීව දේශපාලකයන් වැඩකරන යුගයකට අපි අවතීර්ණ වෙමු.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon