වංචා සහගත මූල්‍ය ගනුදෙනු හා වංචනික විද්‍යුත් තැපැල් පණිවුඩ ගැන සැලකිලිමත් වන ලෙස මහ බැංකුව අනතුරු අඟවයි

  👤  2429 readers have read this article !
By mawbima 2018-11-16

බද්දේගම - ඕ. කමලනාථ


වංචා සහගත මූල්‍ය ගනුදෙනු, වංචනික විද්‍යුත් තැපැල් පණිවුඩ මඟින් කළ සැක සහිත ඉල්ලීම් පිළිබඳව සැලකිලිමත්ව කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් ජනතාවට දැනුම් දෙයි.


එම නිවේදනයේ මෙසේද දැක්වේ. විද්‍යුත් තැපෑල සහ සමාජ මාධ්‍යන් ඔස්සේ මෑත කාලීනව ජනතාව මුළා කරවන මූල්‍ය වංචාවන්ට අදාළ පණිවුඩ මහජනතාව ඉදිරිපත් කර ඇති පැමිණිලි සම්බන්ධයෙන් ජනතාව කෙරෙහි අවධානය යොමු කරන ශ්‍රී ලංකා මහ බැංකුව වංචා සහගත ලෙස මුදල් ලබා ගැනීමට මහජනතාව පොලඹවා ගැනීම සඳහා විශ්වාසදායී ආයතන ලෙස පෙනී සිටිමින් මෙම වංචාකරුවන් විසින් ශ්‍රී ලංකා මහ බැංකු ලාංඡනය, මහ බැංකු මූලස්ථාන ගොඩනැඟිල්ලෙහි රූප සහ මහ බැංකුවේ සේවය කරන ජේ‍යෂ්ඨ නිලධාරීන්ගේ නම් භාවිත කරන බවද වාර්තා වී ඇතැයි සඳහන් කරයි.


ශ්‍රී ලංකා මහ බැංකුවට අයත් යැයි හැඟෙන ජඡඵ.ඡචදඬතචදඬච@චඵඪච.ජධථ, ඪදටධ@ජඡඵත-තඬ.ජධථ, ජභඵබධථඥපජචපඥ@ජඡඵත-තඬ.ජධථ වැනි ව්‍යාජ විද්‍යුත් තැපැල් ලිපිනයන් මෙකී විද්‍යුත් තැපැල් හුවමාරු කටයුතු සඳහා යොදා ගන්නා බවත් දුරකථන අංක ඔස්සේ සිදු කරන ලද දිනුම් ඇදීමකින් හෝ යම්කිසි ප්‍රසිද්ධ වෙළෙඳ සන්නාමයක ප්‍රවර්ධන කටයුත්තකට අදාළව හෝ තමන්ට විදේශ මුදලින් විශාල මුදල් ත්‍යාගයක් හිමි වී ඇති බවට මෙම විද්‍යුත් ලිපි ලැබෙන පුද්ගලයන්ට දැනුම් දෙනු ලබන අතර අදාළ ත්‍යාග මුදල් වෙනුවෙන් හිමිකම් පෑමට, මූලික මුදලක් තැන්පත් කරන ලෙසද දැනුම් දෙන බවත් එකී විද්‍යුත් පණිවුඩ මඟින් අදාළ ත්‍යාග මුදල හිමි කර ගැනීමට පෙරාතුව සිය අනන්‍යතාව තහවුරු කිරීම පිණිස විදේශ ගමන් බලපත්‍ර, ජාතික හැඳුනුම්පත් අංක, බැංකු ගිණුම් විස්තර වැනි පෞද්ගලික තොරතුරු අනාවරණය කරන ලෙසද දන්වා ජනතාව නොමඟ යවන බව මහ බැංකුව සඳහන් කරයි.


මෙවන් මූල්‍ය ත්‍යාග වැඩසටහන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ කිසිදු සම්බන්ධයක් නොමැති බව මහජනතාව වෙත දැනුම් දෙයි. මේ සම්බන්ධයෙන් නිසි පියවර ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නීතිය බලාත්මක කරනු ලබන අධිකාරි දැනුවත් කර ඇත. මෙවැනි වංචා සහගත මූල්‍ය ගනුදෙනුවල ගොදුරු බවට පත් නොවන ලෙසත්, එවන් මුදල් ත්‍යාග සම්බන්ධයෙන් යම්කිසි පණිවුඩයක් විද්‍යුත් තැපෑලෙන් හෝ සමාජ මාධ්‍ය ඔස්සේ ලැබුණහොත් පළමුව එකී සැකකටයුතු විද්‍යුත් පණිවුඩය එවන ලද තැනැත්තන්ගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට අදාළ ආයතනය, සමාගම අමතන ලෙසත්, ඉන්පසු එහි වංචා සහගත බවක් නැතැයි සැකයක් වේ නම් ළඟම පොලිසියට දැනුම් දෙන ලෙසත් ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon