පන්ති තහනමට එරෙහිව පේරාදෙණිය සරසවි සිසුන් උද්ඝෝෂණයක

  👤  2430 readers have read this article !
By mawbima 2018-11-16

මහනුවර - නදීක දයා බණ්ඩාර


රජරට, අග්නිදිග හා පේරාදෙණිය යන විශ්වවිද්‍යාලවල සිසුන් කිහිපදෙනකුට මානුෂීය නොවන අයුරින් සිදුකර ඇති පන්ති තහනමකට එරෙහිව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් ඊයේ (15දා) විශ්වවිද්‍යාලීය සනාතන මන්දිරය ඉදිරිපිට සිට උද්ඝෝෂණයේ නිරත වූහ.


විශ්වවිද්‍යාල පරිපාලනය විසින් සිසුන් මර්දනය කිරීමේ අරමුණින් සාධාරණ නොවන ලෙස පන්ති තහනම් කර ඇති බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් සිවුදෙනකුට වසර දෙකක පන්ති තහනමක් ලබාදී ඇතැයි විරෝධතාවට එක්වූ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති නලින් දිසානායක සිසුවා පැවැසීය.


දැනට දිගු කාලයකට ඉහතදී විශ්වවිද්‍යාලය තුළ සිදුවූ සිසු ගැටුමක් සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් සිවු දෙනකුට වසර දෙකක පන්ති තහනමක් ලබාදීමට පාලන අධිකාරිය කටයුතු කර ඇතැයි ඔහු කීවේය.


මෙවැනි දීර්ඝකාලීන දඬුවම් ලබාදීම මඟින් සිසුන්ගේ අධ්‍යාපනයට මහත් බාධා සිදුවන බවත් මෙම දඬුවම ලිහිල් කිරීමට පියවර නොගතහොත් ඉදිරියේදී දැවැන්ත විරෝධතාවක් පළ කරන බවත් මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සිසුවා කීවේය.


පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පීඨ නමය නියෝජනය කරන සිසුන් විරෝධතා පා ගමනින් පැමිණි පැයකට ආසන්න කාලයක් විරෝධතාවයෙහි නිරත වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon