එජාපයට සහාය දෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය රකින්න විතරයි

  👤  2890 readers have read this article !
By mawbima 2018-11-18

මහ මැතිවරණයකින් පසුව ප්‍රජාතන්ත්‍රවාදී හා ස්ථාවර ආණ්ඩුවක් සෑදීම සඳහා සහාය ලබා දෙන්නැයි එක්සත් ජාතික පක්ෂය දෙමළ ජාතික සන්ධානයෙන් ඉල්ලීම් කර ඇති බව එම සන්ධානයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග 'මව්බිම'ට සඳහන් කරයි.


එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දෙමළ ජාතික සන්ධානය සමඟ පසුගියදා අරලියගහ මන්දිරයේදී පවත්වනු ලැබූ සාකච්ඡාවකදී මෙම ඉල්ලීම කර ඇත.


කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය පවසා ඇත්තේ මේ අවස්ථාවේදී රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා පමණක් එක්සත් ජාතික පක්ෂයට තම සහාය ලබා දෙන බවයි. කොතරම් ආණ්ඩු පත් වුවත් දෙමළ ජනතාවගේ ගැටලු තවමත් නොවිසඳී තිබෙන බැවින් කවර පාර්ශ්වයකට වුවද තම සහාය ලබාදීම පිළිබඳව සිය සන්ධානය දැඩිව සමාලෝචනයකට ලක් කරන බවද අවධාරණය කළ බව එම ආංරචිමාර්ග වැඩිදුරටත් පැවැසුවේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon