ගැසට් නිවේදනයට එරෙහි විභාගයට විනිසුරු පස් කට්ටුවක් ඉල්ලයි

  👤  2834 readers have read this article !
By mawbima 2018-11-18

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් මහ මැතිවරණයක් පැවැත්වීමට දින නියම කරමින් ඉකුත් 09 වැනිදා නිකුත් කරන ලද ගැසට් නිවේදනයට එරෙහිව දෙසැම්බර් 04, 05 හා 06 දිනවලදී විභාගයට ගැනීමට නියමිත මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය පස්දෙනකුට නොඅඩු පූර්ණ ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලයක් හමුවේ විභාගයට ගන්නා ලෙස ඉල්ලා සිටිමින් එකී පෙත්සම් විභාගයට අදාළ මැදිහත්කාර පෙත්සම් පාර්ශ්ව පහක් විසින් ඊයේ (16දා) ශේ‍ර්ෂ්ඨාධිකරණය හමුවේ මෝසම් ගොනුකරනු ලැබීය.


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, අමාත්‍ය වාසුදේව නානායක්කාර, මහාචාර්ය චන්න ජයසුමන, ආචාර්ය තිස්ස විතාරණ හා අමාත්‍ය උදය ප්‍රභාත් ගම්මන්පිල යන මහත්වරුන් විසින් මෙම මෝසම් ඉදිරිපත් කරනු ලැබීය.


එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් එහි සභාපති කබීර් හෂීම් හා මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් හා එම්.ඒ. සුමන්දිරන්, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම්, දෙමළ ප්‍රගතිශීලී පෙරමුණු නායක මනෝ ගනේෂන්, සමස්ත ලංකා මක්කල් කොංග්‍රස් නායක රිෂාඩ් බදුර්දීන්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු, මැතිවරණ කොමිසමේ එජාප පත්කළ සාමාජික රත්නජීවන් හූල් යන මහත්වරුන් විසින් ඉහත පෙත්සම් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්වීමට එරෙහිව ගොනුකරනු ලැබ ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon