කථානායක කැඳෙව්වොත් STF එක සීරුවෙන්

  👤  3010 readers have read this article !
By mawbima 2018-11-18

කථානායකවරයා කැඳවූ ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තු සභා ගර්භය තුළට යෑම සඳහා විශේෂ පුහුණුවක් ලද විශේෂ කාර්ය බළකා නිලධාරීන් කණ්ඩායමක් සීරුවෙන් තබා ඇතැයි ජේ‍යෂ්ඨ පොලිස් නිලධාරියෙක් 'මව්බිම'ට පැවැසීය.


ගිනි අවිවලින් තොරව ඕනෑම ගැටුමක් පාලනය කිරීම සඳහා පුහුණුවක් ලබාදී ඇති මෙම විශේෂ කණ්ඩායම පාර්ලිමේන්තුව රැස්වන දිනයන්හි පාර්ලිමේන්තුව ආසන්නයේ ස්ථානගත කර ඇතැයිද එම ජේ‍යෂ්ඨ නිලධාරියා සඳහන් කළේය.


පාර්ලිමේන්තුවේ නිලධාරීන්ට හෝ පාර්ලිමේන්තු පොලිස් නිලධාරීන්ට පාලනය කරගත නොහැකි ගැටුමක් වාර්තා වුවහොත් කථානායකවරයාට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් කැඳවීමට බලයක් ඇත.


පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාගේ සෘජු අධීක්ෂණය හා උපදෙස් මත මෙම විශේෂ කණ්ඩායම ක්‍රියාත්මක වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon