ප්‍රචණ්ඩත්වයකට යන්නේ නම් ජනතාව නිසි පිළිතුරු දේවි

  👤  2828 readers have read this article !
By mawbima 2018-11-18

අනුරාධා හේරත්

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට රට තුළ ප්‍රචණ්ඩත්වය නිර්මාණය කරන්නේ නම් ඊට නිසි පිළිතුර ජනතාව විසින් ලබාදෙනු ඇතැයි ජවිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පවසයි.

අශිෂ්ට, මජර, පාදඩ ක්‍රම මෛත්‍රි - මහින්ද කණ්ඩායම අනුගමනය කරන්නේ නම් මෙම ක්‍රමය පරාජයට පත් කිරීමට ජවිපෙ කටයුතු කරන බවද ජවිපෙ නායකයා පැවැසීය.


පසුගිය දින කිහිපය පුරා පාර්ලිමේන්තුවේ අටවා ගන්නා ලද ඊනියා සුළුතර ආණ්ඩුව පාර්ලිමේන්තුව පවත්වාගෙන යෑමට ඉඩ නොදී, වනචාරී යුගයක් කරා රට ගෙනයමින් තිබෙන බවට චෝදනා කරන මන්ත්‍රිවරයා මෙලෙස ප්‍රචණ්ඩකාරී ලෙස මන්ත්‍රිවරුන් හැසිරෙන්නේ තම නායකයන් ඉදිරියේදී බැවින් ඉන් පෙන්නුම් කරන්නේද සමස්ත නායකයන්ගේ දේශපාලනය මෙසේ ක්‍රියාත්මක වෙමින් පවතින බව යැයි සඳහන් කළේය.


පාර්ලිමේන්තුවේ ඡන්දයක් තැබීමට නොදෙන පිරිසක් රටේ ඡන්දයක් පවත්වන්නේ කෙසේද යන්න ද ඒ මහතා ප්‍රශ්න කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon