පාර්ලිමේන්තුව අරාජික වුණේ ඇයි?

  👤  2405 readers have read this article !
By mawbima 2018-11-19

රවි කරුණානායක, රාජිත සේනාරත්න යන ඇමැතිවරුන්ට සහ අගමැති රනිල් වික්‍රමසිංහට විරුද්ධව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනා කථානායකවරයා වෙත භාර දීමෙන් පසු පාර්ලිමේන්තුවේ විවාද කිරීම සඳහා පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව දින නියම කෙරුණු නමුත් අගමැති මහින්ද රාජපක්ෂට විරුද්ධව ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව විනාඩි දහයක පමණ කෙටි කාලයක් තුළ විවාදයට නොගෙන කටහ¾ඩින් ඡන්දය විමසීම නිසා පාර්ලිමේන්තුව අරාජික තත්ත්වයට පත් වී ඇතැයි වාර්තා වේ.

කථානායකවරයා වෙත විශ්වාසභංග යෝජනාවක් භාරදුන් පසු මීට පෙර කථානායකවරයා ඒ සම්බන්ධයෙන් අනුගමනය කළ ක්‍රියාමාර්ගය පසෙකලා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත්හිටුවා විශ්වාසභංග යෝජනාව විවාදයකින් තොරව විනාඩි දහයක පමණ කෙටි කාලයක් තුළ කටහ¾ඩින් ඡන්දය විමසීමට කථානායකවරයා පියවර ගැනීමත් අගමැති, සභානායක, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක තනතුරු තමා විසින් පිළි නොගන්නා බවට කථානායකවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කිරීමත් මෙසේ අරාජික තත්ත්වයක් නිර්මාණය වීමට හේතු වී ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

අගමැතිවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙතින් බැහැර නොවී එම යෝජනාව ඉදිරිපත් කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන උපදෙස් ලබා දී තිබියදී එම උපදෙස් නොසලකා හරිමින් ඉකුත් සිකුරාදා යළිත් එම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර සම්මත කිරීම, විනාඩි දහයකටත් අඩු කාලයක් තුළ කථානායකවරයා පොලිස් ආරක්ෂාව මධ්‍යයේ කටහ¾ඩින් ඡන්දය විමසා දෙවැනි වරටත් අනුමත කිරීම නිසා පැවැති අරාජික තත්ත්වය වඩාත් වර්ධනය වී ඇති බවද වාර්තා වේ.

අග්‍රමාත්‍යවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමේදී ක්‍රියා කළ යුතු තිරසර ක්‍රියාපටිපාටියක් පාර්ලිමේන්තුව අනුගමනය කළයුතුව ඇති බව අග්‍රමාත්‍ය ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී ඇත.
එම නිවේදනයෙහි මෙසේ දැක්වෙයි.

1. අගමැතිතුමාට එරෙහිව විශ්වාසභංග යෝජනාව කථානායකතුමාට භාරදිය යුතුය. ඒ සඳහා අවම වශයෙන් මන්ත්‍රිවරුන් 20 දෙනකු අස්සන් කළ යුතුය.
2. පාර්ලිමේන්තු මහ ලේකම් හරහා එම යෝජනාවේ නීත්‍යනුකූලභාවය කථානායකතුමා විමසිය යුතුය.

3. එම යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ ස්ථාවර නියෝගවලට අනුකූල බව මහ ලේකම්තුමා විසින් කථානායකතුමාට දැනුම්දිය යුතුය.
4. එම යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට (ර්ණීඤඥප ඕධධඬ) ඇතුළත් කළ යුතුය.

5. එම න්‍යාය පුස්තකය සිකුරාදා දිනයේදී මුද්‍රණය කර සියලුම මන්ත්‍රිවරුන්ට බෙදාහැරිය යුතුය.

6. වැඩ කරන දින පහකට පසුව එම යෝජනාව පාර්ලිමේන්තුවේ විවාදයට භාජන කිරීමට අවස්ථාව සැලසිය යුතුය.

7. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවෙන් එම න්‍යාය පුස්තකයේ තිබෙන කටයුතු ගැන සලකා බලා ප්‍රමුඛස්ථානය දිය යුත්තේ කුමන කටයුත්තකටදැයි තීරණය කළ යුතුය. (ඛ්ධථථඪබබඥඥ ධද ර්ථීචපතඪචථඥදබචපර ඕභඵඪදඥඵඵ ඩඥචඤඥඤ ඡර බඩඥ ඉනඥචඬඥප) මේ කාරක සභාවේ මූලාසනය කථානායකතුමා ගන්නා අතර, සභානායක, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇතුළු ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂවලින් සමන්විත මන්ත්‍රින් කණ්ඩායමක් ඇතුළත් විය යුතුය. එසේම විපක්ෂ නායකතුමා ඇතුළු විපක්ෂයේ පක්ෂ නියෝජනය කරමින් විපක්ෂයෙන් නම් කරන ලද කණ්ඩායමක් ඇතුළත් විය යුතුය. තවද පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකද නියෝජ්‍ය කාරක සභා සභාපතිද මේ කමිටුවේ සාමාජිකයන්ය. ඒ අනුව න්‍යාය පුස්තකයේ සඳහන් වී ඇති ආණ්ඩුවේ කටයුතුවල ප්‍රමුඛස්ථානය නියම කරන්නේ සභානායකවරයාය.

8. මෙවැනි විශ්වාසභංග යෝජනාවක් න්‍යාය පුස්තකයට ඇතුළත් වූ පසු එය පාර්ලිමේන්තුවේ විවාද කිරීම සඳහා සභානායකතුමාගේ සහ ආණ්ඩු පක්ෂයේ කැමැත්ත ඇතිව පාර්ලිමේන්තුවේ විවාද කිරීම සඳහා ලබාදිය හැකි ආසන්නතම දිනය තීරණය කළ යුතුය.

9. එම දිනයේ න්‍යාය පත්‍රයට මේ යෝජනාව ඇතුළත් කොට අදාළ දිනයේ විවාදයට ගන්නා බව දැනුම්දිය යුතුය.

10. එම විශ්වාසභංගය විවාද කිරීම සඳහා ආණ්ඩු පක්ෂයටත් විපක්ෂයටත් අවශ්‍ය කාලය පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් තීරණය කළ යුතුය.

11. අදාළ දිනයේ විවාදය පවත්වා ඡන්ද විමසීම සහ එය ප්‍රකාශ කළ යුතුය.

12. එදින පාර්ලිමේන්තුවේ විවාදය පිළිබඳ හැන්සාඩ් වාර්තාව නිකුත් කළ යුතුය.

ඉහත කී සියලුම ක්‍රියාවලියන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටද ස්ථාවර නියෝගවලටද පාර්ලිමේන්තු සම්ප්‍රදායන් සහ ක්‍රියා පටිපාටිවලට අනුකූලව සිදු කිරීමට පාර්ලිමේන්තුව වගබලා ගත යුතුය.

රවි කරුණානායක මහතා මුදල් ඇමැතිව සිටියදී 2016 මාර්තු 24 වැනිදා විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වූ අතර ඒ සම්බන්ධයෙන් විවාදය පැවැත්වුණේ 2016 ජුනි මස 9 වැනිදාය.

රාජිත සේනාරත්න ඇමැතිවරයාට විරුද්ධව 2017 අගෝස්තු 24දා විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් විය. එම යෝජනාව විවාද කිරීම කෙසේ වුවද, පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට පවා ඇතුළත් නොවිණි.

විදේශ කටයුතු ඇමැතිවරයා වශයෙන් සිටියදී රවි කරුණානායක ඇමැතිවරයාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව එම පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් වීම හේතුවෙන් න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමට නොහැකි විය.

අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වූයේ 2018 මාර්තු මස 21 වැනිදාය. ඒ සම්බන්ධයෙන් විවාදය 2018 අප්‍රේල් මස 04 වැනිදා පැවැත්විණි.

අගමැති මහින්ද රාජපක්ෂට එරෙහිව විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් වූයේ 2018 නොවැම්බර් 14 වැනිදාය. ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ එම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත්හිටුවා යෝජනාව භාරදී විනාඩි දහයක් වැනි කෙටි කාලයක් තුළ විවාදයක් නොකර ඒ සම්බන්ධයෙන් ඡන්දයක් විමසීමට කටයුතු කළ කථානායකවරයා පාර්ලිමේන්තුව දැනට භාවිත කරන ඉලෙක්ට්‍රොනික ඡන්ද විමසීම පසෙකලා කටහ¾ඩින් ඡන්දය විමසා යෝජනාව ජයග්‍රහණය කළ බව ප්‍රකාශයට පත් කළේය.

ජේ.ටී. ද සිල්වා

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon