අපි විශ්වාසභංගවලට බයේ දුවන ජාතියක් නොවෙයි

  👤  2372 readers have read this article !
By mawbima 2018-11-19

මහනුවර -

නදීක දයා බණ්ඩාර

නව ආණ්ඩුවට එරෙහිව සඳුදා (19දා) ගෙන එන විශ්වාසභංගය නීත්‍යනුකූලව ඉදිරිපත් කරන තුරු ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රිවරුන්ගේ විරෝධය එලෙසම පවතිනු ඇතැයි ජනමාධ්‍ය හා ඩිජිටල් පහසුකම් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ප්‍රකාශ කළෙ

යුරෝපා සංගමය, දෙමළ ඩයස්පෝරාව සහ එක්සත් ජාතික පක්‍ෂයට අවශ්‍ය පරිදි කථානායකවරයා හැසිරෙන විට ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රිවරුන් එලෙස කලහකාරීව හැසිරෙන බව මහනුවරදී පැවැති ජනහමුවකදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සෙංකඩගල ආසන බල මණ්ඩල රැස්වීම ඉකුත්දා (17දා) මහනුවර පුෂ්පදාන ශාලාවේදී පැවැති අතර එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා තවදුරටත් මෙසේ ප්‍රකාශ කළේය.

මෙම අර්බුදකාරී තත්ත්වය සමථයකට පත් කර ගත යුතු බව කථානායක නිල කාර්යාලයේදී කථානායක කරු ජයසූරිය මහතාගෙන් අප ඉල්ලා සිටියා. ඒ අවස්ථාවේ ගණන්කාර විදියට එතුමා කීවේ මට අවශ්‍ය පරිදි මම ක්‍රියාත්මක කරනවා. ඔයාලා මෙතැනින් යන්න කියලයි. කථානායකවරයාගේ කාමරයේ මේ ආකාරයෙන් හැසිරෙද්දී මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුවේදී කලහකාරී ලෙස හැසිරීම සාමාන්‍ය දෙයක්. ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංගය සඳහා අපි සූදානම්. විශ්වාසභංගයට බියෙන් දුවන ජාතියක් නෙවෙයි අපි. නමුත් ඉදිරිපත් කරන විශ්වාසභංගය නිවැරැදි ආකාරයෙන් ඉදිරිපත් කළ යුතුයි. ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් මන්ත්‍රිවරයා කඩල ගොට්ටක් රැගෙන දුවනවා මෙන් කථානායකවරයා වෙත කොළයක් රැගෙන ගොස් විශ්වාසභංගයක් ඉදිරිපත් කළා. පාර්ලිමේන්තුවට විශ්වාසභංග ඉදිරිපත් කරන නිවැරැදි ක්‍රමවේදයන් තිබෙනවා.

හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට එරෙහි විශ්වාසභංගය මාස එකහමාරක් යනතුරු සාකච්ඡාවට ගත්තේ නැහැ. එවකට අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගය සාකච්ඡාවට ගැනීම සඳහා සති තුනක කාලයක් ගත වුණා. ඉකුත් 2017 වර්ෂයේ අගෝස්තු මාසයේදී ඉදිරිපත් කරන ලද රාජිත සේනාරත්න මහතා පිළිබඳ විශ්වාසභංගය මේ දක්වා ක්‍රියාත්මක වුණේ නැහැ.

අධිකරණය මඟින් ලබාදුන් අතුරු තහනම පිළිබඳව මේ අය හිතන් ඉන්නේ තමන් ලැබූ ජයග්‍රහණයක් කියලා. අධිකරණය විසින් අතුරු සහනයක් පමණයි ලබාදී තිබෙන්නේ.

සිය කාමරයේදී කථානායකවරයා හැසිරෙන්නේ ඒකාධිපතියකු ලෙසයි. නීතියට, සාධාරණත්වයට ඔහු ඉඩ දෙන්නේ නැහැ. ඔහුගේ කාමරයේ සුමන්දිරන්, පාඨලී චම්පික, රවි කරුණානායක, රාජිත සේනාරත්න ආදීන් නිරන්තරයෙන් ගැවසෙනවා අපි දුටුවා.

යම් පුද්ගලයෙක් පාර්ලිමේන්තුවේ ගැලරියට යවනවා නම් වේත්‍රධාරිවරයා ඒ සඳහා කථානායකවරයාගෙන් අවසර ගත යුතුයි. එදා කොළඹ ඉන්න තක්කඩියෝ සියයක පමණ ප්‍රමාණයක් ටයි පටි පලඳවා ගැලරියේ රඳවා සිටියා. ඔවුන් ලවා පාර්ලිමේන්තුවේදී හූ කියන තත්ත්වයක් කථානායකවරයා නිර්මාණය කළා.

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු ඉතිහාසයේ කළු පැල්ලමක් බවට එදින පත් වූ බවයි. නමුත් අපි පැහැදිලිව ප්‍රකාශ කළ යුතුයි පාර්ලිමේන්තුව එවැනි තත්ත්වයකට පත් කළේ කථානායකවරයායි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon