නිදහස ලැබී 70 වසරක් පිරෙනවිටත් අපේ ජාතික සමඟියක් නැතිවීම ලැජ්ජයි

  👤  2359 readers have read this article !
By mawbima 2018-11-19

මාතර - උදය කුමාර රණවීර

අපට ඇති ලොකුම බාධක දෙක තමයි ජාතික සමඟිය සහ වමේ සමඟිය. ජාතික සමඟිය තියෙන්න ඕනෑ. රට එකට ඉන්න ඕනෑ. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ ඔක්කොම එකට ඉන්න ඕනෑ. අපි අවුරුදු හැත්තෑවක් වනවා නිදහස ලබලා. අපිට තවම ජාතිය ගොඩනඟන්න බැරි වුණා. අනෙක් රටවල් දිහා බලනකොට අපට විළි ලැජ්ජාවයි යැයි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ හැත්තෑ පස්වැනි සංවත්සරය සමරමින් එහි නායක ඩිව් ගුණසේකර මහතා පැවැසීය.

ඒ මහතා මේ බව පැවැසුවේ මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ පැවැති එම පක්‍ෂ සංවත්සරයේදීය. තවදුරටත් අදහස් දැක්වූ ගුණසේකර මහතා මෙසේද පැවැසීය,

මේ සමාජ ක්‍රමය වෙනස් කිරීම සඳහා තමයි ‍ෙදාස්තර වික්‍රමසිංහ සහෝදරයා කැප වුණේ. ඔහු වෛද්‍ය වෘත්තියේ යෙදිලා මේ සමාජ ක්‍රමය වෙනස් කරන්න කටයුතු කළා. තමුන්නාන්සේලා අද දකින මාතර නොවෙයි මීට අවුරුදු හැත්තෑ පහකට කලින් තිබුණේ. අපේ තරුණ පරපුර කියවීමෙන් අෑත් වෙලා. සීයට දහයයි කියවන්නේ. ඉතින් ඉතිහාසය දන්නේ නෑ. වෙච්ච දේවල් දන්නෙත් නෑ. අද තමුන්නාන්සේලා බුක්ති විඳින වරප්‍රසාද, අයිතීන් අපේ නායකයන් සටන් කරලා අරගල කරලා ලබාදීපු දේවල්.

එදා අහිංසක පීඩිත ජනතාවට වස්ත්‍රයක් ඇඳීමේ අයිතිය පවා මුලාදෑනිලා, මුහම්දිරම්ලා උදුරා ගත්තා. නමුත් ඒවා අද ඉන්න පරම්පරාව ඒවා දන්නේ නෑ. ඩී.එන්. සේනානායක, ඩී.බී. ජයතිලක මුළු රටේම ඉන්න මුදලි, මුහම්දිරම්, ධනපති හැත්ත, ධනපති ඔක්කොම ආවත් එදා ජයග්‍රහණය කළේ ‍ෙදාස්තර සහෝදරයා. ඒත් ඊට පස්සේ ඔහු හිරේට දැම්මා. සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කළා. ඒ වික්‍රමසිංහ සහෝදරයා පාර්ලිමේන්තුවට එන ගමන වළක්වන්න. නමුත් ඔය අද ව්‍යවස්ථාව වෙනස් කරන්න කතාකරන මිනිස්සු ඒවා දන්නේ නෑ. පළමුවැනි රාජ්‍ය මන්ත්‍රණ සභාවේ තනි විපක්‍ෂ නායකයා වූ ඔහු තනි පුද්ගලයෙක්. ඒ හින්දා තමයි ඔහුට කිව්වෙ මොරවක තනි ඇට මැස්සා කියලා. ඇට මැස්සා කියන්නේ මී හරකගේ ඇඟේ වහන කිනිතුල්ලාට. සර් ඩී.බී. ජයතිලක කිව්වේ මේ යකා ඇට මැස්සා කියන්නේ කාගෙන යන නිසා කියලා. ගලවන්න බෑ කියලා.

ලංකා ඉතිහාසයේ එකම පුද්ගලයකු වැඩිම ඡන්ද ප්‍රමාණයක් සීයට අසූ නවයයි දශම අසූ නවයක් ගත්තු පුද්ගලයා තමයි අපේ නායකයා ‍ෙදාස්තර වික්‍රමසිංහ සහෝදරයා. ඒ වාර්තාව ලෝක වාර්තාවක්. අනෙක් අපේක්‍ෂකයා නීතිඥ වැලිගම. ඔහුට ලැබුණේ ඡන්ද දාහයි. අපේ සහෝදරයට ඡන්ද විසි හය දාහයි. ‍ෙදාස්තර සහෝදරයා තමයි නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය හා විශ්‍රාම වැටුප් සංකල්පය ඉදිරිපත් කළේ.

කාල් මාර්ක්ස් ප¾ඩිවරයාගේ අවුරුදු දෙසීයක සැමරුම වෙලාවේ ඔහු ඇතිකළ සමාජවාදය දකින්න ඔහු හිටියේ නෑ. හැබැයි ඔහු දැකපු ඒ සමාජ වාදය තමයි මුළු ලෝකයම වෙනස් වෙලා තියෙන්නේ. සහෝදරවරුනි පැන්ෂන් එක කියන සංකල්පය ඉදිරිපත් කළේ ‍ෙදාස්තර වික්‍රමසිංහ "ඇට මැස්සා". එතෙක් තිබුණේ නෑ විශ්‍රාම වැටුපක්. අද විශ්‍රාම වැටුප ගන්න ලක්‍ෂ පහක් ඉන්නවා. අපි ඔහුට සදා ණය ගැතියි.

අපි ජනාධිපතිවරණයට ගියේ අවුරුදු දෙකකට ඉස්සර වෙලා. මම තමයි ජනාධිපතිතුමාට මුලින්ම කිව්වේ අපි තව වැඩ කරමු ජනාධිපතිතුමනි ජනාධිපතිවරණයකට යන්න එපා කියලා.

මම කිව්වේ විද්‍යාව පදනම් කරගෙන. එතුමා මාව විශ්වාස කළේ නෑ.
පසුගිය දිනක රාත්‍රියේ මට මහින්ද මහත්තයා ටෙලිෆෝන් කළා. ඩියු අයියා කියාපු එක මම නොකළා නිසා තමයි හැමදේම වුණේ. දැන් මට හොඳටම තේරෙනවා කිව්වා. අපි මිථ්‍යා මත ඉඳලා නොවේ විද්‍යා මත ඉඳලයි ප්‍රශ්න දිහා බලන්නේ.

දැන් මොකක්ද මේ දේශපාලන ගැටුම. මේ ප්‍රශ්නය විද්‍යාත්මකව බලන්නේ කොහොමද? සහෝදරවරුනි, අපි ගැඹුරු ආර්ථික අර්බුදයකට මුහුණ දීලා තියෙන්නේ. නිදහස ලැබීමෙන් පසු අපි ගැඹුරුම තීරණ ආර්ථික අර්බුදය. මේකට ආසන්නම හේතුව මූල්‍ය අර්බුදය. අපිට රුපියල් ඇත්තෙත් නෑ. අපිට ඩොලර් ඇත්තෙත් නෑ.

චමල් රාජපක්ෂ මහතා,

කොමියුනිස්ට් පක්‍ෂය ආරම්භ කරපු ‍ෙදාස්තර එස්.ඒ. වික්‍රමසිංහ මැතිතුමාගේ ඒ නිජබිම මේ මාතර දිස්ත්‍රික්කය. මේ මාතර දිස්ත්‍රික්කය තමයි එදා කොමියුනිස්ට් පක්‍ෂයේ ප්‍රධාන ස්ථානය ගත්තේ. එතුමා වාමාංශික ව්‍යාපාරය අප රටේ ප්‍රචලිත කිරීම සඳහා විශාල කැපවීමක් සිදු කරපු පුද්ගලයෙක්.

2015 ඉඳන් ආණ්ඩුව අපේ අනාගත පරම්පරාවක් ගැන හිතුවේ නෑ. ජනතාව අවි ආයුධ අතට ගන්න ඉස්සෙල්ලා මේ රටේ වාසනාවට ව්‍යවස්ථානුකූලව විප්ලවයක් ඊයේ පෙරේදා සිදුවුණා. එහෙම නැති වුණා නම් ලේ වැගිිරීමක් වෙනවා.

එක්සත් ජාතික පක්‍ෂයේ උවමනාවට හදපු ව්‍යවස්ථාවම ප්‍රයෝජනයට අරගෙන මෛත්‍රිපාල ජනාධිපතිතුමා යු.එන්.පී එකත් එක්ක එකතුවීම ගැන නම් අපි අකමැතියි. නමුත් එතුමා නියම වෙලාවට එම ව්‍යවස්ථාවෙන්ම උව්ර්ථී එකට ගහපු එකට අපිට සතුටුයි.

චන්ද්‍රසිරි ගජධීර මහතා,
අපිට නායකත්වය දුන්න ඒ ශේ්‍රෂ්ඨ නායකයන්ගේ ප්‍රතිපත්ති ගරුක දේශපාලනය අපි ඉදිරියට ගෙනගියා. අපි ඒ ප්‍රතිපත්තිවලින් පිට පනින්නේ නැතුව මේ රටේ අධිරාජ්‍යවාදී බලවේගවලට එරෙහිවත් ජාතික සමඟිය ඇති කරන්න අරගල කළා. අපි අදටත් ඒ වගකීකමට බැඳිලා ඉන්නවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon