කටහඬ මඟින් පාර්ලිමේන්තුවේ ඡන්ද ගණන් කිරීම වැරැදි ක්‍රමයක්

  👤  2359 readers have read this article !
By mawbima 2018-11-19

කථානායකවරයා අනුගමනය කළ කටහඬ මඟින් පාර්ලිමේන්තුවේ ඡන්ද ගණන් කිරීමේ ක්‍රමවේදය වැරැදි ක්‍රමවේදයක් යැයිද ඒ අනුව ඉදිරියේදී රටට අහිතකර අණපනත්ද එම ක්‍රමවේදය භාවිත කර සම්මත කරගනු ඇතැයිද ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. කථානායකවරයා රට වෙනුවෙන් කළ යුතු කාර්යය මේ මොහොතේ ඉටු නොකරන බවද සේමසිංහ මහතා පැවැසීය.

ඊයේ (18දා) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මෙසේද පැවැසීය.

කථානායකවරයා නිසි ක්‍රමවේදයකට බහුතරය පෙන්වීමට පාර්ලිමේන්තුව තුළ කටයුතු කරනවා නම් අපි එයට සහාය දෙන්න සූදානම්. විශ්වාසභංගයක් පාර්ලිමේන්තුවට ගෙනාවට ඒක පාර්ලිමේන්තුව තුළ අපි දැකලා නැහැ. ජනතා විමුක්ති පෙරමුණට අවශ්‍ය රනිල් වික්‍රමසිංහට ආරක්‍ෂා කර ගැනීමටයි. සුමන්තිරන් කරන්නේත් එයයි. ඒ සඳහා පූර්ණ ආශීර්වාදය කථානායකවරයා ලබාදීලා තිබෙනවා.

නැවත කිසිම දිනක එ.ජා.ප.ය තනිව මැතිවරණයකට එන්නේ නැහැ. ඔවුන්ට එහෙම ඉදිරිපත් වෙන්න ශක්තියක් මේ භූමිය තුළ නැහැ.

විසර්ජන පනතක් ගේන්න අවශ්‍ය කරන වැඩපිළිවෙළ අපි ඉදිරියේදී සිදු කරනවා. අපි කියනවා කථානායකවරයාටයි, රනිල් වික්‍රමසිංහ මහතාටයි, සුමන්තිරන් මහත්තයාටයි, අනුර දිසානායක මහත්තයාටයි, ඔවුන්ගේ බලහත්කාරකම්වලට මේ ආණ්ඩුව හෝ අගමැතිවරයාව ඉවත් කරගන්නට බැහැ කියලා. අපි කන්දෙන්නේ ජනතා හඬට පමණයි. අපි ආණ්ඩුවේ කටයුතු දිගටම කරගෙන යනවා.

රනිල් වික්‍රමසිංහ ණය ගත්තාට ඒ ණයවලින් කරපු දෙයක් නැහැ. නමුත් අපි ජනතාවට සහන දෙනවා. ජනතාව කිසි දේකට බිය විය යුතු නැහැ.

මෙහිදී අදහස් දැක්වූ කංචන විජේසේකර මහතා,
මේ විදියට විශ්වාසභංගය අනුමත කරන ක්‍රමවේදයක් ලෝකයේ මොන රටකවත් නැහැ. අපි අහනවා ජනතා විමුක්ති පෙරමුණෙන් ඔබලාට අවශ්‍ය නැවත රනිල් වික්‍රමසිංහ මේ රටේ අගමැතිවරයා බවට පත් කිරීමටද කියලා. රනිල් අගමැති ලෙස සිටින සමයේ ගෙන ආ විශ්වාසභංගයට එදා ජ.වි.පෙ. අස්සන් කළේ නැහැ. නමුත් අද කුමක්ද වෙලා තිබෙන්නේ.

අද අපි ජනතාවට සහන දෙන්න කටයුතු කරලා තිබෙනවා. විපක්ෂය හදන්නේ අන්තර්ජාතික ප්‍රජාවට අපේ රට ගැන වැරැදි මතයක් යැවීමටයි. නමුත් අපිට අධිකරණය පිළිබඳව විශ්වාසයක් තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ලබන 07 වැනිදා නිවැරැදි තීන්දුවක් අධිකරණයෙන් ලැබෙයි කියලා.

ක්‍රිෂාන් පතිරන් ජයසූරිය

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon