අත්අඩංගුවට ගන්න යද්දී කුඩු විකුණූ දෙදරු පියා මුහුදට පැනලා

  👤  2304 readers have read this article !
By mawbima 2018-11-19

මීගමුව - නිමන්ති ප්‍රනාන්දු

හෙරොයින් සන්තකයේ තබාගෙන අලෙවි කරමින් සිටියදී පොලිසිය අත්අඩංගුවට ගැනීමට යෑමේදී මුහුදට පැන පුද්ගලයකු මිය ගොස් ඇත.

මියගොස් ඇත්තේ උතුර පිටිපන පදිංචි මිහිඳු කුලසූරිය වීරසිංහ පටබැඳිගේ සිතුම් දර්ශන (29) දෙදරු පියෙකි.

මේ තැනැත්තා මත්ද්‍රව්‍යවලට තදින් ඇබ්බැහිව සිටි අයකු බවත් කොළඹ තොටළඟින් හෙරොයින් මිලට ගෙන මීගමුව පිටිපන ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය අලෙවි කරමින් මත්ද්‍රව්‍ය භාවිත කරන බව අනාවරණය වේ.
පසුගිය 15දා සවස උතුර පිටිපන ප්‍රදේශයේ මුහුදු තීරයේ මියගිය අය හෙරොයින් සන්තකයේ තබාගෙන අලෙවි කරන බවට ලැබුණු තොරතුරක් මත දුන්ගාල්පිටිය පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීමට යෑමේදී මුහුදට පැන ඇති බව පැවැසේ. 16දා ඔහුගේ සිරුර දූව මෝරවළ ආසන්නයේ ගොඩගසා තිබියදී පොලිසිය සොයාගෙන ඇත.

ඔහු ඇඳ සිටි කලිසම් සාක්කුවල එක් සාක්කුවක රු. 420ක්ද තවත් සාක්කුවක රු. 458ක්ද තිබී ඇත. හොරොයින් මත්කුඩු අඩංගු පැකට් 5ක්ද තිබූ බව පොලිසිය කියයි.

කොට්ඨාස ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ඒ.කේ.සී. අතුකෝරල මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි මීගමුව දිස්ත්‍රික් වයි.ආර්.එම්. රිෂාද් මහතාගේ අධීක්ෂණය යටතේ දුන්ගාල්පිටිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රණසිංහ මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon