සිරමැදිරිය තුළදී ගෙල වැල ලා ගන්න ගිය විත්තිකරුවකු තවත් විත්තිකරුවන් දෙදෙනකු එක් වී බේරගෙන

  👤  2321 readers have read this article !
By mawbima 2018-11-19

අනුරාධපුර - මහේෂ් විජේසූරිය

අනුරාධපුර මහාධිකරණ සිරමැදිරිය තුළදී ගෙල වැලලා ගෙන සිය දිවිනසා ගැනීමට උත්සාහ කළ විත්තිකරුවකු එම සිර මැදිරිය තුළ සිටි තවත් විත්තිකරුවන් දෙදෙනකු විසින් බේරා ගැනීමෙන් අනතුරුව අධිකරණ පොලිස් නිලධාරීන් හා බන්ධනාගාර නිලධාරීන් එක්වී ප්‍රතිකාර සඳහා පසුගිය (16දා) සවස අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබේ.

එප්පාවල පොලිස් වසමේ සිදුවූ ස්ත්‍රී දූෂණයක් සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණය හමුවේ විභාග වන නඩුවක විත්තිකරුවකු මෙලෙස දිවිනසා ගැනීමට උත්සාහ දරා ඇති අතර ඔහු එදින නඩු විභාගයට ඉදිරිපත් වීමෙන් පසුව නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරන තුරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කිරීමත් සමඟ දිවිනසා ගැනීමට උත්සාහ කර තිබිණි.

අධි චෝදනා ලැබ සිටින විත්තිකරු නඩුව විභාගයට ගෙන තීන්දුව ප්‍රකාශයට පත්කරන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස විනිසුරුවරයා නියෝග කිරීමත් සමඟ බන්ධනාගාර නිලධාරීන් ඔහුව අධිකරණය සංකීර්ණයේ පිහිටි සිර මැදිරියට රැගෙනවිත් එහි රඳවා තිබේ.

සිරමැදිරිය තුළ සිටි විත්තිකරු ඔහු ඇඳ සිටි කමිසය ගලවා වැසිකිළිය ආසන්නයේ සවිකර තිබූ රශ්මිය පිට කිරීමේ විදුලි පන්කාව ක්‍රියා විරහිත වී තිබූ අවස්ථාවේ (එක්ස්සෝස් ෆෑන්) එක් කොනක කමිසය ගැටගසා අනෙක් පසින් තොණ්ඩුවක් සකසා එය ගෙලට දමාගෙන ගෙල සිරකර ගන්නවාත් සමඟම සිරමැදිරියේ සිටි සෙසු විත්තිකරුවන් ඔහුව ඉහළට ඔසවා ගෙල සිරවීම වළක්වා තිබේ.

සිරමැදිරිය තුළ කලබගෑනියක් සිදුව තිබෙන බව දුටු බන්ධනාගාර නිලධාරීන් වහාම එම ස්ථානයට ගොස් සිරමැදිරිය විවෘත කර ගෙල වැලලාගෙන සිටි විත්තිකරුව වහාම රෝහල් ගත කිරීම කටයුතු කර තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon