අනාරක්ෂිත දුම්රිය මඟට දැමූ මෝටර් රථයක් කුඩු පට්ටම්

  👤  2337 readers have read this article !
By mawbima 2018-11-19

ඕමන්ත - ශේෂලා අමරසිංහ

යාපනය අරියාලෙයි ප්‍රදේශයේදී 15 වැනිදා සවස අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී කාර් රථයක් ධාවනය කිරීමට ගත් උත්සාහයකදී දුම්රියේ ගැටීමෙන් අයකු මියගොස් ඇති බවට අරියාලෙයි පොලිසිය කියා සිටියේය.

ආරියාලෙයි නෙලුක්කුලම් ප්‍රදේශයේ පිහිටි අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී අදාළ කාර් රථය ගමන් කිරීමට ගත් උත්සාහයකදී කොළඹ සිට යාපනය දක්වා ගමන් ගත් නගරාන්තර ශීඝ්‍රගාමි දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට පොලිසියට තොරතුරු අනාවරණය වී ඇත.

දුම්රිය හරස් මාර්ගයේදී ගමන් කිරීමට උත්සාහ දැරූ කාර් රථය දුම්රියේ ගැටී අඩි 100ක් පමණ දුරට ඇදී ගොස් ඇති අතර කාර් රථය එහිදී සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතරම එහි ගමන් ගත් පුද්ගලයාද එම ස්ථානයේදීම මියගොස් ඇති බවට අරියාලෙයි පොලිසිය කියා සිටියේය.

අනතුරින් මියගොස් ඇත්තේ යාපනය අලවෙඩ්ඩි ප්‍රදේශයේ පදිංචි දෙදරු පියකු වන 40 හැවිරිදි ටී. ජෙගනාදන් නමැති අයකු බවට වැඩිදුර පරීක්ෂණ සිදුකරන අරියාලෙයි පොලිසිය විසින් හඳුනාගෙන ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon