ජාත්‍යන්තරයේ ප්‍රතිචාරය ගැන අපි සැලකිලිමත් විය යුතුයි

  👤  2294 readers have read this article !
By mawbima 2018-11-19

රටේ ඇතිවී තිබෙන ව්‍යාකූලත්වය හමුවේ දේශපාලනඥයන්ට වඩා ඉදිරියෙන් ජනතාව සිටිය යුතු බවත් දේශපාලනඥයන් මෙහෙයවීමේ ඓතිහාසික කාර්ය භාරයද අතට ගත යුතු බවත් ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ සභාපති සුනිල් චන්ද්‍රකුමාර ප්‍රකාශ කළේය.

ඔහු එම අදහස් පළ කළේ පසුගියදා මහජන පුස්තකාලයේදී පැවැති මාධ්‍ය හමුවකදීය. ගෝලීය ශ්‍රී ලංකා සංසදය පැවැත්වූ එම මාධ්‍ය හමුවේදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවැසීය.

වත්මන් දේශපාලන අර්බුදය තුළ රට ව්‍යාකූල තත්ත්වයකට ඇද වැටිලා. ඒකට ජාත්‍යන්තරය ප්‍රතිචාර දක්වන්නේ කුමන ආකාරයටද කියලත් අප අවධානය යොමු කළ යුතුයි. ලෝකයේ බොහෝ රටවල සිටින දේශප්‍රේමී ශ්‍රී ලාංකික එකතුව වන ගෝලීය ශ්‍රී ලංකා සංසදය ඒ පිළිබඳව උනන්දුවෙන් සිටිනවා. ශ්‍රී ලංකාව මේ විදියට අස්ථාවර වෙද්දී ජාත්‍යන්තරය තුළ බෙදා වෙන් කිරීමේ පිඹුරුපත් සකස් කර එහි අවසන් අදියරට පැමිණ සිටිනවා. ලබන මාර්තු මාසය ජිනීවා මානව හිමිකම් සමුළුවේදී එහි කූටප්‍රාප්තිය සනිටුහන් වීමට නියමිතයි.

දෙමළ ඩයස්පෝරාවේ සිටින කොටි හිතවාදීන් ශ්‍රී ලංකාවට විරුද්ධව අඛණ්ඩව චෝදනා එල්ල කරමින් එම කටයුතුවල සක්‍රියව සිටිනවා. ඇමෙරිකාව ගෙන ආ 1/30 යෝජනාවලිය අනුව ක්‍රියාකළ පසුගිය ජාතික ආණ්ඩුවට අවසන් කිරීමට නොහැකි වූයේ නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීම පමණයි.

මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට ලබා දෙන ලද කොන්දේසි ඉටු කිරීම පිළිබඳ මේ වන විටත් විශේෂ නියෝජිතයන්ගේ වාර්තා කිහිපයක් ඉදිරිපත් වී තිබෙනවා. ශ්‍රී ලංකාවට භයානක ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවන බවයි දැන් සිටම පෙනෙන්නේ.

ආරක්ෂක අංශවල විසිනව දහසක් ඝාතනය වෙලා දහහතර දහසක් ආබාධිත වෙලා කළ කාර්යය ගඟට කැපූ ඉනි බවට පත්වීමට ඉඩ තැබිය යුතු නැහැ.

දෙමළ බෙදුම්වාදීන් හිස ඔසවනවා. තමිල්නාඩුවේ දෙමළ බෙදුම්වාදියකු වන දිවියා පක්ෂයේ තිරුමාවලන් පසුගියදා උතුරට පැමිණියා. දැන් අන්තවාදීන් එක පෙළට හිටගෙන ඉන්නවා.

ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ අනුශාසක බෙංගමුවේ නාලක හිමි

අද පාර්ලිමේන්තු ක්‍රියාකාරීත්වය ඉතා හිරිකිතයි. උත්තරීතර කියන පාර්ලිමේන්තුවේ තිබෙන්නේ කුමන උත්තරීතර බවක්ද මේ තත්ත්වය තුළ පරමාධිපත්‍ය ක්‍රියාත්මක වනවාද නැද්ද යන ප්‍රශ්නය තිබෙනවා.
මේ අවස්ථාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ජනතා පරමාධිපත්‍ය විමසීමට හොඳ අවස්ථාවක් හැටියටයි මා සලකන්නේ.

දෙනගම ධම්මික රණවීර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon