මහනුවර පල්ලෙකැලේදී දඟපන්දුව රජවෙයි

  👤  2297 readers have read this article !
By mawbima 2018-11-19

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පල්ලෙකැලේදී ඊයේ නිමාවට පත්වූ ටෙස්ට් තරගය තවත් අයුරකින් වාර්තා පොත් අතරට එක්වූයේ ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ මෙතෙක් පැවැති තරගවලදී දඟපන්දු යවන්නන් වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගත් තරගය ලෙසයි.

එම තරගයේ ඉනිම හතරේදී ශ්‍රී ලංකා සහ එංගලන්ත දඟපන්දු යවන්නන් කඩුලු 38ක්(19 බැගින්) දවාලන්නට සමත් වූ අතර වේග පන්දු යවන්නන් වෙනුවෙන් සටහන් වූ එකම කඩුල්ලේ හිමිකරුවා බවට සුරංග ලක්මාල් පත්වෙද්දී ඉතිරි කඩුල්ල දුවද්දී දැවී යෑමක් ලෙස වාර්තා විය.

කෙසේ වෙතත් මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කීමට සමත් වූයේ වසර 49කට පෙර එනම් 1969 වසරේදී ඉන්දියාව හා නවසීලන්තය අතර නාග්පූර්හිදී පැවැති ටෙස්ට් තරගයයි. එම තරගයේදී දඟ පන්දු යවන්නන් වෙනුවෙන් කඩුලු 37ක් සටහන් වී තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon