කාන්තා ලෝක ශූරතා බොක්සිං තරගාවලිය පළමු තරගයේදීම අනූෂා පරාජය වෙයි

  👤  2279 readers have read this article !
By mawbima 2018-11-19

අන්තර්ජාතික බොක්සිං සංගමය මගින් සංවිධානය කරනු ලබන කාන්තා ලෝක ශූරතා බොක්සිං තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරන අනූෂා කොඩිතුවක්කු පසුගියදා (17දා) පැවැති මූලික වටයේ තරගයකදී ස්වීඩන් ජාතික ශූරිය වන ලීසා සැන්ඩිජර් හමුවේ පරාජය විය. ඒ අනුව අනූෂා හට එම තරගාවලියේ දෙවැනි වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව අහිමි විය.

ඉන්දියාවේ නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී රටවල් 73ක් නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් 333කගේ සහභාගිත්වයෙන් මෙම මස 15 වැනිදා සිට 25 වැනිදා දක්වා පැවැත්වෙන තරගාවලියේ අනූෂා සහභාගි වූ ෆ්ලයි වේට් කිලෝග්‍රෑම් 51 බර පන්තියේ මූලික වටයේ තරගයේ ආරම්භයේ සිටම ස්වීඩන් ක්‍රීඩිකාව දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළාය. ඒ අනුව අනූෂා කොඩිතුවක්කු ද එම තරගයේ පළමු, දෙවැනි සහ තුන්වැනි වටවලදී කරට කර සටනක් දෙමින් ඉතා දක්ෂ අන්දමින් ක්‍රීඩා කරනු දක්නට ලැබිණි.

කෙසේ වෙතත් හතරවැනි සහ පස්වැනි වටවලදී ස්වීඩන් ක්‍රීඩිකාව විසින් එල්ල කරන ලද දැඩි ප්‍රහාරය සහ ඇයගේ උපක්‍රමශීලී ක්‍රීඩා රටාව හමුවේ තරගයේ පාලනය අනූෂාගෙන් අෑත්ව ගිය අතර වට 5ක් නිමාවට පත්වන විට ස්වීඩන් ක්‍රීඩිකා ලීසා සැන්ඩිජර්ට වට 5-0ක ජයක් හිමිවිය.

මේ අතර 7 වැනි වරට ලෝක ශූරතා බොක්සිං තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ අනූෂා කොඩිතුක්කු 2010 වර්ෂයේ එම තරගාවලියේදීම 7 වැනි ස්ථානය දිනා ගැනීමට සමත් වීම කැපී පෙනිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon