එෆ්.ඒ. කුසලාන පාපන්දු ශූරතා තරගාවලිය සෝන්ඩර්ස්, යුද හමුදා, කලම්බු එෆ්.සී. කණ්ඩායම් තුන අවසන් පූර්ව වටයට

  👤  2259 readers have read this article !
By mawbima 2018-11-19

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් මෙහෙයවනු ලබන එෆ්.ඒ.කුසලාන පිළිමලුන් පිටුදැකීමේ පාපන්දු ශූරතා තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසෙන්නට සෝන්ඩර්ස්, ශ්‍රී ලංකා යුද හමුදා සහ කලම්බු එෆ්.සී කණ්ඩායම් පසුගියදා සමත් විය.

අර්ධ අවසන් පූර්ව වටයේ තරග සියල්ලම කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු අතර ඊයේ(18දා) පැවති සෝන්ඩර්ස්-බන්ධනාගාර තරගයෙන් ගෝල 2-1ක ජයක් සෝන්ඩර්ස් කණ්ඩායමට හිමි වීම කැපී පෙනුණි. එම තරගයේ 29 වැනි හා 50 වැනි මිනිත්තුවලදී කසුන් ජයසූරිය සෝන්ඩර්ස් වෙනුවෙන් ගෝල ද්විත්වයක් වාර්තා කළ අතර ටී.කජකෝපන් බන්ධනාගාර කණ්ඩායම වෙනුවෙන් 23 වැනි මිනිත්තුවේදී වාර්තා වූ ගෝලයේ හිමිකරුවා බවට පත්විය.

පෙරේදා(17දා) පැවැති අර්ධ අවසන් පූර්ව තරගවලදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල කණ්ඩායමට එරෙහිව ගෝල 2-0ක ජයක් හිමිකරගන්නට පසුගිය තරගාවලි දෙකකදීම ශූරයන් වී ඇති ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම සමත් වූ අතර කලම්බු එෆ්.සී.-නිව් යංස් තරගය ගෝල රහිතව නිම වීමත් සමග දඬුවම් පහර 4-1ක ජයක් හිමි කරගන්නට කලම්බු එෆ්.සී. සමත් විය.

ඡායාරූපය-කැලුම් චාමර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon