කූඹියෝ හැදූ දමිත අතුරුදන්

  👤  2496 readers have read this article !
By mawbima 2018-11-19

චාමර අමරසූරිය

'කූඹියෝ' ටෙලි නාට්‍යයේ සංස්කාරක සහ තිර රචක දමිත චන්ද්‍රසිරි මහතා දින කිහිපයක සිට ආ ගිය අතක් නැති බවට ඔහුගේ මිතුරකු වැලිකඩ පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

මෙම පැමිණිල්ල වැලිකඩ පොලිස් ස්ථානයට ලැබී ඇත්තේ ඉකුත් මස 29 වැනිදාය.

අනුරාධපුර, වන්නියම්කුලම, සේනානායක මාවතේ පදිංචිකරුවකු වූ ජයලත් ආරච්චිගේ ‍ෙදාන් දමිත සාගර චන්ද්‍රසිරි (41) වසර හතකට ආසන්න කාලයක් නතරවී සිට ඇත්තේ රාජගිරිය, නාවල, පාසල් පටුමඟ ප්‍රදේශයේ කුලී නිවෙසකය.


ඔහු සමඟ පැමිණිල්ල ඉදිරිපත් කළ මිතුරාද එම කුලී නිවෙසෙහි පදිංචිව සිට ඇත. දමිත චන්ද්‍රසිරි මහතා ඉකුත් 24 වැනිදා නතර වී එම නිවෙසින් පිටත්ව ගිය බවද ඔහුගේ මිතුරා පැමිණිල්ලෙහි සඳහන් කර ඇති බව පොලිසිය පවසයි.


තමා ගැන ආරංචියක් නොමැති වුවහොත් තමාව සොයමින් කරදර නොවන ලෙසටද ඔහු සිය මිතුරාට දන්වා ඇති බවද පොලිසිය කියා සිටී.
මෙම පැමිණිල්ලට අදාළව මේ වනවිට දමිත චන්ද්‍රසිරි මහතාගේ ඥාතීන් කිහිප දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත. වැලිකඩ පොලිසිය මීට අදාළ ඉදිරි විමර්ශන කටයුතු සිදු කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon