රැස්වීමට නොඑන බව කරු මෛත්‍රිට දුරකථනයෙන් කියලා

  👤  2306 readers have read this article !
By mawbima 2018-11-19

ජේ.ටී. ද සිල්වා

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වුණු සර්වපාක්ෂික සමුළුව දේශපාලන පක්ෂ අතර පැවැත්වෙන සාකච්ඡාවක් බැවින් තමාගේ සහභාගිත්වයක් අවශ්‍ය නොවන බව කථානායක කරු ජයසුරිය ජනාධිපතිවරයාට දුරකථන මඟින් දැනුම් දී ඇත.

දුරකථන මඟින් ජනාධිපතිවරයා සමඟ මේ පිළිබඳව සාකච්ඡා කළ බව කථානායක මාධ්‍ය අංශය සඳහන් කළේය.


ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ, එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය ඇතුළු පක්ෂ රැසක් මෙම සාකච්ඡාවට සහභාගි විය.


ඉකුත් දිනවල පාර්ලිමේන්තුවේ ඇතිවූ සිද්ධීන් නිසා උද්ගත වී ඇති අර්බුදකාරී තත්ත්වය සමථයකට පත් කිරීම සඳහා ජනාධිපතිවරයා මෙම සාකච්ඡාව කැඳවා තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon