කථානායක පක්ෂග්‍රාහී නම් අදම විශ්වාසභංගයක් ගේන්න

  👤  2364 readers have read this article !
By mawbima 2018-11-19

අනුරාධා හේරත්

කථානායකවරයා පක්ෂග්‍රාහීව කටයුතු කරන්නේ නම් ඔහුට එරෙහිව අදම (19දා) විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්නැයි ජවිපෙ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක කියයි.

මාධ්‍ය හමුවලදී හෝ විවිධ ස්ථානවල කථානායකවරයා අපක්ෂපාතී නොවන පුද්ගලයකු යැයි පැවැසීමෙන් ඵලක් නොවන හෙයින් එම චෝදනාව ඔප්පු කිරීමට නම් මේ මොහොතේ කළ යුතු වන්නේ ඔහුට එරෙහිව විශ්වාංසභංග යෝජනාවක් ගෙන ඒම පමණක් යැයිද ජවිපෙ නායකයා කීය.


දිසානායක මහතා පැවැසුවේ පාර්ලිමේන්තුවේ කථානායකවරයා ඔහුගේ ධුරයට අනුව කටයුතු නොකරන්නේ නම් හෝ පක්ෂග්‍රාහී වන්නේ නම් ඔහු ඉවත් කිරීමට අවශ්‍ය නිර්දේශද ව්‍යවස්ථාවෙන් ලබාදී ඇති බවය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon