නඩු ගොනු අතුරුදන් වීමේ අවදානමක් ගැන නලින්ද ජයතිස්ස කියයි

  👤  2340 readers have read this article !
By mawbima 2018-11-19

අනුරාධා හේරත්


නීතිපති දෙපාර්තමේන්තුවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ඇති නඩු ගොනු අතුරුදන් වීමේ අවදානමක් පවතින බව ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

මන්ත්‍රිවරයා පැවැසුවේ පසුගිය සමයේ රාජපක්‍ෂවරුන්ට හා ඔහුගේ සමීපතමයන්ට එරෙහිව ගොනු කර තිබූ නඩු විභාගයට ගැනීමට තිබුණේ මේ මස 20 වැනි දින සිට බවත්, ඒවා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ හා වෙනත් අධිකරණවල විභාග කිරීමට සූදානම්ව තිබූ බවත්ය.

ඒ අනුව බහුතරය නැති බව දැන දැනම එම පුද්ගලයන් අමාත්‍යාංශ තබාගෙන සිටින්නේ එකී නඩුගොනු අතුරුදන් කිරීමේ වුවමනාවෙන් බවට සැකයක් මතුව ඇති බවත් මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon