අද කරන දේ ගැන රනිල් එජාපෙ නායකයන් සමඟ සාකච්ඡා

  👤  2326 readers have read this article !
By mawbima 2018-11-19

උපතිස්ස පෙරේරා

අද (19දා) පස්වරු 1.00ට ආරම්භ කිරීමට නියමිත පාර්ලිමේන්තු සභා වාරයේදී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව ඊයේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන එජාපෙට සම්බන්ධ පක්ෂවල නායකයන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

සිකුරාදා (16දා) පාර්ලිමේන්තුව කැඳවූ අවස්ථාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරුන්ගේ අශීලාචාර වියරු හැසිරීම හමුවේ දැඩි ඉවසීමකින් හා සංයමයකින් කටයුතු කළ එජාපෙ මන්ත්‍රිවරුන්ට තම කෘතඥතාව පළ කළ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා, ඉදිරියටත් එම ප්‍රතිපත්තියේ පිහිටා සියලු දෙනාම කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව එහිදී සඳහන් කර තිබේ. සත්‍ය ජයගන්නා බැවින් මෙම අනුවණ ක්‍රියා හේතුවෙන් අප කිසිවකු කලබල විය යුතු නැතැයිද හෙතෙම එහිදී පෙන්වා දී තිබේ.


සිතාමතා කල් ඇතිව සැලසුම් කර පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කිහිපදෙනකුට තුවාල සිදුවන අයුරින් ප්‍රකෝපකාරී ලෙස හැසිරුණු මන්ත්‍රිවරුන්ට එරෙහිව ගන්නා පියවර සම්බන්ධයෙන් ගතයුතු පියවර පිළිබඳව මන්ත්‍රිවරුන් රනිල් වික්‍රමසිංහ මහතාගෙන් විමසූ විට ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට අවශ්‍ය පියවර ගැනීම පක්ෂයේ සභාපති කබීර් හෂීම් මහතාට යොමු කර ඇතැයි වික්‍රමසිංහ මහතා දන්වා තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon