සිංගප්පූරු ගිවිසුම අහෝසි කිරීම ගැන ජනපති-අගමැති සාකච්ඡා කළා - කංචන විජේසේකර

  👤  741 readers have read this article !
By mawbima 2018-11-19

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය

සිංගප්පූරු - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳව අධ්‍යයනය කිරීම වෙනුවෙන් පත් කළ එ.ච්. ලක්‍ෂ්මන් කමිටු වාර්තාවට අනුව එම ගිවිසුම අහෝසි කරනවාද නැද්ද යන්න පිළිබඳව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා හමුවී සාකච්ඡා කළ බව ආණ්ඩු පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කංචන විජේසේකර මහතා පැවැසීය.

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව විසින් ගෙන එන ලද රටට අහිතකර අණපනත් අහෝසි කරන ලෙසට ජනාධිපතිවරයාගෙනුත් අගමැතිවරයාගෙනුත් ඉල්ලා සිටි බවද විජේසේකර මන්ත්‍රිවරයා පැවැසීය. සේවය ස්ථීර නොවූ සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සේවා ස්ථීරභාවය ඉදිරි සති 2 ඇතුළත තහවුරු කිරීම වෙනුවෙන්ද ජනාධිපතිවරයා සහ අගමැතිවරයා කරුණු දැක්වූවා යැයිද කංචන විජේසේකර මන්ත්‍රිවරයා පැවැසීය.

ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේ ඊයේ (18දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon