බස්නාහිර පළාත් සභාවේ 2019 වසරේ අය-වැය අද

  👤  707 readers have read this article !
By mawbima 2018-11-19

ඉෂාරා සිල්වා

බස්නාහිර පළාතේ 2019 සඳහා වන අය-වැය ලේඛනය අද (19දා) බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා විසින් ඉදිරිපත් කිරීමට නියමිතය.

බත්තරමුල්ල, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ අංක 204 දරන ස්ථානයේ පිහිටි බස්නාහිර පළාත් සභා කාර්යාල සංකීර්ණයේ 12 වැනි මහලේ ඉදිකළ නව සභා ශාලාවේදී ප්‍රථම වරට රැස්වන බස්නාහිර පළාත් සභාවේදී අය-වැය ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙය බස්නාහිර පළාතේ 06 වැනි පළාත් සභාවේ 05 වැනි මූල්‍ය ප්‍රකාශය වන අතර ඉසුර දේවප්‍රිය මහතා ප්‍රධාන අමාත්‍ය ධුරයට පත්වූ පසු ඉදිරිපත් කරනු ලබන 04 වැනි මූල්‍ය ප්‍රකාශය වේ.

බස්නාහිර පළාත් සභාව ආරම්භයේ සිට මේ දක්වා අය-වැය ලේඛන 30ක් ඉදිරිපත් කර ඇති අතර අද දිනයේ 2019 වර්ෂය සඳහා ඉදිරිපත් කරනු ලබන්නේ 31 වැනි මූල්‍ය ප්‍රකාශනය වේ.

මෙම මූල්‍ය ප්‍රකාශය පිළිබඳ විවාදය දෙසැම්බර් 04දා සිට 11දා දක්වා පැවැත්වීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon