ගජ සුළි කුණාටුවේ බලපෑමෙන් මුහුදේ ජල මට්ටම අඩි 5කින් පහළට

  👤  704 readers have read this article !
By mawbima 2018-11-19

මුලතිව් - ශෂි කුමාර්

යාපනය දිස්ත්‍රික්කයට ගජ සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් ඩෙල්ෆ් දූපතේ මුහුදු වෙරළේ ජල මට්ටම අඩි පහකින් පමණ පහළ බැස ඇති බවටත් දූපත් අතර මගී නෞකා ගමනාගමනය සම්පූර්ණයෙන්ම නැවතී ඇති බවට යාපනයේ දූපත්වාසීන් කියා සිටිති.

ඩෙල්ෆ් මුහුදු ජැටියේ පසුගියදා (15දා) සවස මගී නෞකා නවතා තිබූ ජැටියේ ජල මට්ටම අඩි 5කින් පමණ අද උදෑසන පහළ යෑම හේතුවෙන් එම නෞකා වැල්ලේ ගැටීම හේතුවෙන් මගී නෞකා ඇදීමට ට්‍රැක්ටර් යොදා ගැනීමට සිදුව ඇති බවටත් ඩෙල්ෆ් දූපත හා කූරිකඩ්ඩුවාන් දූපත් අතර මගී නෞකා ගමනාගමනය සම්පූර්ණයෙන්ම නැවතී ඇත.

මුහුදු ජලය අඩුවීම හේතුවෙන් ඩෙල්ෆ් ඇතුළු දූපත්වාසීන් බිය වී ඇති අතර මේ වනවිටත් දූපත් දෙසට පැයට කිලෝමීටර් 100ත් 150ත් අතර වේගයකින් සුළං හමන බවටද වාර්තා වෙයි. කෙසේ නමුත් යාපනය නගරයට හැමූ සුළං සහ වර්ෂාව මේ වනවිට පහව ගොස් ඇති අතර වැසි සහිත කාලගුණික තත්ත්වය පමණක් ඇති බවටද යාපනයේ වැසියන් කියා සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon