අධිකරණයේ පෙනී නොසිටි අන්තරේ හිමිවරුන් දෙදෙනකු ඇතුළු සිසුන් පස්දෙනකුට වරෙන්තු

  👤  2108 readers have read this article !
By mawbima 2018-11-20

අමිල අබේරත්න

මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන 2017 වසරේදී අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලය සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව එක්ව පැවැත් වූ උද්ඝෝෂණ පෙළපාළියක් සම්බන්ධයෙන් පොලිසිය පැවැරූ නඩුවකට අදාළව අධිකරණයේ පෙනී නොසිටි අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලය නියෝජනය කරන හිමිවරුන් දෙදෙනකු ඇතුළු විශ්වවිද්‍යාල සිසුන් 5 දෙනකුට එරෙහිව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා වරෙන්තු නිකුත් කෙළේය.

එලෙස වරෙන්තු නිකුත් කරනු ලැබුවේ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලය නියෝජනය කරන එහි කැඳවුම්කරු වන ඇටැම්පිටියේ සුගතානන්ද, මඩුුගල්ලේ බුද්ධ රක්ඛිත යන හිමිවරුන් දෙදෙනකුට වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් ඇතුළු අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය නියෝජනය කරන චරිත් ජනප්‍රිය, සනත් බණ්ඩාර යන සිසුන් දෙදෙනකුටයි.

මහජන පීඩාවක් ඇති වන පරිදි, මංමාවත් පනත උල්ලංඝනය කරමින් සහ අධිකරණ නියෝග කඩකරමින් උද්ඝෝෂණයේ යෙදුණේ යැයි කොටුව පොලිසිය නඩු පවරා ඇති අතර අදාළ සංවිධාන නියෝජනය කරන විශ්වවිද්‍යාල සිසුන් 14කට එරෙහිව කොටුව පොලිසිය නඩු පවරා ඇත.

උද්ඝෝෂණ පෙළපාළිය ඉකුත් වසරේදී කොටුව දුම්රිය ස්ථානය මූලික කරගනිමින් පවත්වා තිබේ. නඩුව ලබන වසරේ පෙබරවාරි 8 වැනි දින යළි කැඳවීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon