ලබන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට තෝරාගත් පිහිනුම් සංචිතයට 44ක් නම් කෙරෙයි

  👤  2086 readers have read this article !
By mawbima 2018-11-20

විචිත්‍ර වීරසිංහ

ලබන වසරේ ජූලි හෝ අගෝස්තු මාසයේදී නේපාලයේ කත්මන්ඩු නුවරදී පැවැත්වීමට නියමිතව ඇති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා පිහිනුම් කණ්ඩායම සඳහා 44ක සංචිතයක් මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව පසුගිය නොවැම්බර් මස 1 වැනිදා සිට 4 වැනිදා දක්වා සුගතදාස ගෘහස්ථ පිහිනුම් තටාකයේදී පැවැති ජාතික පිහිනුම් ශූරතා තරගාවලියේදී දක්‍ෂතා දැක්වූ ක්‍රීඩකයන් 23 දෙනකු හා ක්‍රීඩිකාවන් 21 දෙනකු මෙම සංචිතයට තෝරාගෙන ඇත.

කෙසේ වෙතත් මෙම සංචිතයට ඇතුළත් සියලුම ක්‍රීඩක-ක්‍රීඩිකාවන් මෙම තරගාවලියට සහභාගි කරවනවාද නැද්ද යන්න මේ දක්වා අවසන් තීරණයක් ගෙන නොමැති අතර, එය තීරණය වන්නේ ඉන්දියාව සහභාගි වන තරග ඉසව් සමඟ සැසඳීමෙන් බවද පැවැසේ.

එහිදී ඉන්දියාව තරග ඉසව්වක් සඳහා එක් ක්‍රීඩකයකු සහභාගි වනවා නම් ශ්‍රී ලංකාවෙන් දෙදෙනකු යොදවා ගන්නා අතර, ඉන්දියාව තරග ඉසව්වක් සඳහා දෙදෙනකු සහභාගි වනවා නම් ශ්‍රී ලංකාවෙන් එක් ක්‍රීඩකයකු යොදවා ගැනීමට නියමිතව සිටින්නේ ශ්‍රී ලංකාවේ වැඩි ක්‍රීඩක-ක්‍රීඩිකාවන් පිරිසකට තරගවලට සහභාගිවීමේ අවස්ථාව ලබාදීමේ අරමුණින් බවද දැනගන්නට ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon