ඉන්දියාවෙන් ගේන වියළි මිරිස්වල මොනකේ‍රාටපොස් ඇත්දැයි සොයන්න

  👤  2115 readers have read this article !
By mawbima 2018-11-21

බද්දේගම - ඕ. කමලනාථ

මෙරටට ආනයනය කරන වියළි මිරිස්වල 'මොනකේ‍රාටපොස්' නමින් හඳුන්වන කෘමිනාශකය අඩංගු වී ඇතැයි යන්න පිළිබඳව පරීක්ෂා කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් දී තිබේ. ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කර බලා කඩිනමින් වාර්තාවක් ලබා දෙන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දී ඇත.

ආනයනය කරන වියළි මිරිස්වල ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු බවට පළවන වාර්තා අනුව ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

වියළි මිරිස්වලින් වැඩි ප්‍රමාණයක් මෙරටට ගෙන්වන්නේ ඉන්දියාවෙනි. ඉන්දියාවේ 'මොනකේ‍රාටපොස්' නමැති කෘමිනාශකය බහුලව භාවිත කෙරේ. 'මොනකේ‍රාටපොස්' නමැති කෘමිනාශකය අධික විස සහිතය. මෙයට වසර 20කට පමණ පෙර එම කෘමිනාශක වර්ගය ශ්‍රී ලංකාවේ භාවිතය තහනම් කර ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon