මැති සබයේ දේපළවලට වූ හානිය පිළිබඳ තක්සේරු කිරීම අරඹයි

  👤  2003 readers have read this article !
By mawbima 2018-11-21

ආරියරත්න ගනේගොඩ

පාර්ලිමේන්තුවේ ඉකුත් දා ඇති වූ නොසන්සුන් සිද්ධියේදී මැතිසබයේ දේපළවලට සිදු වූ හානිය පිළිබඳ තක්සේරු කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ. මූලික විමර්ශනයේදී හෙළි වී ඇත්තේ මයික්‍රෆෝන කිහිපයකට හා පුටුවකට හානි සිදුව ඇති බවයි.

මයික්‍රෆෝන සැපයූ ආයතනවලටද පාර්ලිමේන්තුවට පැමිණ හානියට පත් උපකරණ මෙම සිකුරාදා වන විට සකස් කිරීමට පාර්ලිමේන්තු බලධාරීන් කටයුතු කර ඇත. සමස්ත පාර්ලිමේන්තුවම රුපියල් බිලියන 8කට ආසන්න මුදලකට රක්ෂණය තිබේ. ඒ අනුව සිදු වූ අලාභහානි පිළිබඳ තක්සේරු කිරීමේ කටයුතු සඳහා රක්ෂණ නියෝජිතයන්ද පාර්ලිමේන්තුවට කැඳවීමට තීරණය කර ඇත. ඒ අනුව ඔවුන් අද (21දා) පාර්ලිමේන්තුවට පැමිණෙනු ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon