කීඩෑ උවදුරෙන් වගා හානි වූ ගොවීන්ට බිත්තර වී ගන්න මූල්‍ය සහනාධාර දෙන්න යයි

  👤  1983 readers have read this article !
By mawbima 2018-11-21

නුවන් හෙට්ටිආරච්චි

කීඩෑ උවදුර නිසා වගා හානියට පත් ගොවීන්ට බිත්තර වී සහනාධාර වශයෙන් මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමට ජනාධිපතිවරයාගේ ජාතික ආහාර ප්‍රවර්ධන ව්‍යාපෘතියේ එකඟත්වය ලැබී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට එසේ අනුමැතිය ලැබුණු බවත් 2018 යල කන්නයේ පොළොන්නරුව අම්පාර ප්‍රදේශවල කුඹුරු අක්කර 43,000ක පමණ වී වගාවට කීඩෑ උවදුර නිසා හානි සිදු වූ ගොවීන්ට 2018 සහ 2019 මහ කන්නයේ කුඹුරු වැපිරීමට අවශ්‍ය බිත්තර වී ලබා ගැනීමට මූල්‍ය සහනාධාර ලබා දීම එම යෝජනාව බවත් එම අමාත්‍යාංශය සඳහන් කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon