වවුනියාවෙන් අපූරු බලු - රිළා මිතුදමක්

  👤  2154 readers have read this article !
By mawbima 2018-11-21

වවුනියාව - රසාදි චතුරංග ගමගේ

වවුනියාවේ කරුචේප්පන්කුලම් ගම්මානයේ බල්ලකු හා රිළා පැටවකු අතර විශ්වාස කළ නොහැකි අන්දමේ මිතුදමක් ගොඩනැඟී තිබේ.

මේ අරුම පුදුම මිත්‍රත්වය දැකබලා ගැනීමට මේ සිද්ධිය පිළිබඳ තොරතුරු කනවැකුණුු සැණින් ජනතාව එම නිවෙස කරා යන්නට පටන් ගෙන ඇත්තේ කුඩා ළමයින් විසින් කරනු ලබන ඇවිටිල්ල නිසාය.
මේ නිවෙසේ උදවිය සුරතලයට බල්ලකු ඇති දැඩි කරන අතර උගේ නම "බෝරා"ය.

අසල කැලයක සිට අතරමං වූ රිළා පැටවකු මේ නිවෙසේ වැඩිහිටියකු විසින් නිවෙසට රැගෙන විත් ඇති අතර සාමාන්‍යයෙන් බල්ලන් රිළවුන්ගේ හා වඳුරන්ගේ සතුරන් නිසා මුලින්ම රිළවා කූඩුවක දමා තිබේ.
දිනක් රිළවා කූඩුවෙන් එළියට පැමිණ බල්ලා සමඟ සෙල්ලම් කරනු නිවෙසේ උදවියට දැක ගන්නට ලැබී ඇත.

එදා පටන් රිළා පැටවා හා බල්ලා අතර ඇත්තේ කවරකුවත් විශ්වාස නොකරන අන්දමේ සබඳතාවකි.

බල්ලාට "බෝරා" යනුවෙන් නමක් ඇති නිසා රිළවාට නිවෙසේ උදවිය "කන්නන්" යනුවෙන් නමක් තබා ඇත.

කවුරුන් හෝ "බෝරා" යනුවෙන් කතා කළත් "කන්නන්" යනුවෙන් කථා කළත් මේ දෙදෙනාම එක්වරම පැමිණෙයි. එසේ පැමිණෙන්නේද බෝරාගෙ පිටේ කන්නන් නැඟීගෙනය. ඔවුන් සෙල්ලම් කරන්නේද කන්නේද බොන්නේද නිදියන්නේද එකටය.

මේ පුදුම මිතුදම සියල්ලන්ටම පුදුමයක් මෙන්ම සතුට ගෙන දෙන කරුණක් වී තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon