කෑගල්ලේ කලුගල්ල

  👤  2082 readers have read this article !
By mawbima 2018-11-21

දිවයිනේ සුප්‍රකට ආයුර්වේද වෛද්‍යවරයකු වූ ඉඩම්පිටිය රාලලාගේ ටිකිරි බණ්ඩා කලුගල්ල මහතා සහ පුංචි මහත්තයා මැණිකේ කලුගල්ල යන දෙදෙනා ඉඩම්පිටිය රාලලාගේ පුංචි බණ්ඩා කලුගල්ල මහතාගේ මවුපියෝ වෙති. වර්ෂ 1920 මාර්තු 19 වැනි දින උපත ලැබූ පී.බී.ජී කලුගල්ල මහතාගේ ළදරු හා ළමා අවධිය ගතකළේ සිය පියා වෛද්‍ය වෘත්තිය කරගෙන ගිය මීගමුව ප්‍රදේශයේය.
1956 එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා පරාජය කර කෑගල්ල ආසනය දිනාගත් මෙතුමා 1977 වනතුරු නොකඩවා වසර 21ක් එම ආසනය නියෝජනය කළේය. මන්ත්‍රිවරයකු මෙන්ම කැබිනට් අමාත්‍යවරයකු වන කලුගල්ල මහතා එම කාලය තුළ ගමනාගමන හා ප්‍රසිද්ධ වැඩ තැපැල්, මුදල්, අධ්‍යාපන හා සංස්කෘතික, වරාය, නාවික, සංචාරක හා ගුවන්, අධිකරණ ආදී අමාත්‍ය ධුර ගණනාවක් දරමින් ශ්‍රී ලාංකික ජනතාවට උපරිම සේවාවක් ඉටු කළේය.

1959 බණ්ඩාරනායක අගමැතිතුමා සාහසිකයකු අතින් ඝාතනයට ලක්වීමෙන් පසු අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ විජයානන්ද දහනායක මහතා විසින් ඇමැතිවරුන් ගණනාවකගේ අමාත්‍ය ධුර "නිදි පැදුරේදීම" අහෝසි කළ අවස්ථාවට පී.බී.ජී. කලුගල්ල මහතාද ගොදුරු විය. අනතුරුව දහනායක අගමැතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැර පැවති මැතිවරණයේදී අගමැතිකමත් ගාලු අසුනත් අහිමි වී ඔහුට ගෙදර යන්නට සිදුවූ අයුරු එවකට කලුගල්ල මහතා රසවත් අයුරින් කතා කළ විලාශය ගැන කෑගලු ජනතාවට තවමත් මතකය.

ආණ්ඩුවට සහයෝගය දක්වමින් මැතිනිය පසුපස සිටිමින් සහයෝගය දක්වන ලදී. ඒ නිසාම එම මැතිවරණය වැඩි බහුතරයකින් යුක්තව දිනාගැනීමට හැකිවිය. එමෙන්ම 1962 වර්ෂයේ ඇතිවීමට ගිය රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය අසාර්ථක කර අගමැතිනිය ප්‍රමුඛ ආණ්ඩුව බේරා ගැනීමට එඩිතරව මුහුණ දුන් පුද්ගලයා බවටද කලුගල්ල මහතා ඉතිහාසයට එක්වූ යුග පුරුෂයකු විය. පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු වශයෙන් පී.බී.ජී. කලුගල්ල මහතා ශ්‍රී ලංකාව තුළ ඉටුකළ සමාජ මෙහෙවර කෑගල්ල දිස්ත්‍රික්කයෙන් බිහිවූ කිසිදු දේශපාලනඥයකුට බිඳ දැමීමට නොහැකි විය.

ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට එක් දිනකදී ගුරුවරුන් 25000ක් බඳවා ගැනීම හා පාසල් සිසුන්ට සෞන්දර්ය හැඟීම් සඳහා පුරුදු පුහුණු කිරීම සඳහා නැටුම්, සංගීත, චිත්‍ර, ගුරුවරුන් බඳවා ගැනීම හා විදේ‍යා්දය පිරිවෙන් විශ්වවිද්‍යාල බවට පත්කිරීම, පිරිවෙන් අධ්‍යාපනය, අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පිළිගැනීමට ලක්කිරීම, පිරිවෙන් සඳහා ආධාර ලබාදීම හා පිරිවෙන් ගුරුවරුන් හටද රජයේ සෙසු ගුරුවරුන්ට ලැබෙන වරප්‍රසාද හිමිකරදීම, දිවයින පුරා සෑම මැතිවරණ කොට්ඨාසයකටම අංග සම්පූර්ණ මහා විද්‍යාලයක් ලබාදෙමින් ගම්බද සිසුන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා ගමන් කිරීමට මඟ සලසා දීම ජාතික වශයෙන් කලුගල්ල මහතා ඉටුකළ සේවාවන්ගෙන් බිඳක් මෙසේ ඉදිරිපත් කර ඇත.

කෑගල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට කලුගල්ල අමාත්‍යවරයා ඉටුකළ සේවාවන් අතරින් කිහිපයක් මෙසේ ගෙනහැර දක්වමු. කෑගලු ශික්ෂණ රෝහල, කෑගල්ල කාර්මික විද්‍යාලය, පින්නවල මධ්‍ය මහා විද්‍යාලය, නගර සභා ශාලාව, මධ්‍යම වෙළෙඳ සංකීර්ණය, අධ්‍යාපන කාර්යාලය, කෑගල්ල උසාවි සංකීර්ණය පැරණි රෝහල් භූමියට ගෙන ඒම, පින්නවල අලි අනාථාගාරය, කෑගල්ල නගරයේ පානීය ජල යෝජනා ක්‍රමය, ඔලගන්කන්ද, දික්හේන සහ මාදෙයියාව, අතුකෝරළ වත්ත නගරයේ ඉඩම් නොමැති පවුල් අතර බෙදාදී අවශ්‍ය සියලුම යටිතල පහසුකම් ලබාදීම සිදුකළ සේවාවන් අතරින් කිහිපයකි. ජනතා ප්‍රශ්නවලදී බෙහෙවින් සංවේදී බවක් ඉසුලූ මෙතුමා සැබෑ මානව දයාවකින් යුතුව ජීවත් වූ උත්තම පුරුෂයෙකි. මහා සංඝරත්නය සහ සෙසු ආගමික නායකයන් සමඟ සමීප සම්බන්ධතාවක් දැක්වූ කලුගල්ල ඇමැතිවරයා උන්වහන්සේලාගේ අවවාද අනුශාසනා මත සමාජ මෙහෙවර ඉටු කළේය.

පී.බී.ජී. කලුගල්ල මහතා ශ්‍රී ලංකාව තුළ සිදු කළ මෙහෙවර ඉතිහාස ගත වී ඇති අතර කෑගලු ජනතාවටද එතුමා සිදුකළ සේවය ජන හදවත් තුළ කෘතවේදීව ස්මරණය වෙමින් පවතී. පී.බී.ජී. කලුගල්ල මහතාගේ දේශපාලන භූමිකාවේ තිරය පිටුපසින් සිට එතුමාට ආරක්ෂාවත් රැකවරණයත් ලබාදුන් එතුමාගේ පෞද්ගලික ලේකම් විල්බට් පෙරේරා මහතා රෝගාතුරව සිටියදීද අවශ්‍ය සෑම සත්කාරයක්ම ලබා දුන්නේය. කලුගල්ල මහතා දැයෙන් සමුගෙන වසර 11ක් ගත වූ මෙම අවධියේදී ද කලුගල්ල ගුණ සමරු කමිටුවේ සාමාජිකයන් දිරිමත් කිරීමට නිරන්තරයෙන් කැපවෙන විල්බට් පෙරේරා මහතා සහ එම කමිටුවේ ලේකම්තුමා වන ඩබ්ලිව්.එම්. අජිත් විජේතුංග, කමිටු සාමාජිකයන් වන කෑගල්ල නගරාධිපති ජී.කේ. සමරසිංහ, ආනන්ද රණසිංහ යන මහතුන් දක්වන මහඟු ආදර්ශය අගය කළ යුතුය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon