පස් චමින්ද ඝාතන නඩුව ගම්පහ ඔස්මන් අත්අඩංගුවට ගන්නැයි පොලිසියට නියෝග

  👤  2075 readers have read this article !
By mawbima 2018-11-21

මිනුවන්ගොඩ -

ටෝනි. කේ. අතුකෝරල

ගම්පහ, කොටුගොඩ, නැදගමුව ප්‍රදේශයේදී නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වී ස්වයංක්‍රිය ගිනි අවියකින් වෙඩි තබා ප්‍රභාත් නිරෝෂන් බාලසූරිය හෙවත් පස් චමින්ද නමැති අය ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් 5 වැනි සැකකරු ලෙස නම් කර සිටින ගම්පහ ඔස්මන් ගුණසේකර නමැති අය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ගම්පහ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා පෙරේදා (19දා) ගම්පහ පොලිසියට නියම කළේය.

ඉකුත් පෙබරවාරි 4දා ප්‍රසාද් නිරෝෂන් බාලසූරිය හෙවත් පස් චමින්ද නමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් කෙහෙල්බද්දර, ආරච්චිවත්ත, බටුවත්ත, බොරැල්ල සහ ගම්පහ පදිංචිකරුවන් වන කේ.එම්. පද්මසිරි පෙරේරා, එම්.ඒ. දිමුතු සුබාස්, චමින්ද වසන්ත හෙවත් චූලා, රැන්ඩෝල් ජූඩ් බේට්ස් සහ ජෝර්ජ් ඔස්මන් ගුණසේකර යන සැකකරුවන් පස් දෙනාට විරුද්ධව ලඝු නොවන නඩු විභාගයක් සඳහා ගම්පහ පොලිසිය 19දා ගම්පහ අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ චෝදනා ගොනු කරනු ලැබීය. ඔස්මන් ගුණසේකර නමැති සැකකරු අත්අඩංගුවට ගැනීමට නොහැකි වුවහොත් ලබන 26දාට ඊට හේතු දක්වන ලෙසට ගම්පහ පොලිසියේ උ.පො.ප. සේනාරත්නට නියම කෙරිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon