බ්ලිට්ස් චෙස් තරගාවලියේ 14න් පහළ ශූරතාව ස්ප්‍රිංෆීල්ඩ් ජාත්‍යන්තර පාසලේ රශ්මිකට

  👤  1975 readers have read this article !
By mawbima 2018-11-21

ගේට්වේ ජාත්‍යන්තර පාසල් සමූහයට අයත් මහනුවර ස්ප්‍රිංෆීල්ඩ් ජාත්‍යන්තර පාසලේ රශ්මික තේනුවර විසින් 2018 යොවුන් බ්ලිට්ස් චෙස් තරගාවලියේ අවුරුදු 14න් පහළ බාලක අංශයේ ශූරතාව දිනාගන්නා ලදී.

පසුගිය අගෝස්තු මස ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් පරිශ්‍රයේදී පැවැති 2018 ජාතික කනිෂ්ඨ චෙස් ශූරතා තරගාවලියේ 7 වැනි ස්ථානය දිනාගැනීමටද ඔහු සමත්ව තිබීම කැපී පෙනේ. වයස අවුරුදු හයේ සිට චෙස් ක්‍රීඩාවට යොමුව ඇති රශ්මික තේනුවර 2013 වසරේදී අවුරුදු 9න් පහළ ජාතික ශූරයා වීමට සමත්ව තිබීම ඔහු මෙම ක්‍රීඩාව තුළ දක්වා ඇති නිපුණත්වය මැනවින් පෙන්නුම් කරයි. තවද කළුතර චෙස් සමාජය විසින් මෙම වසර මුලදී සංවිධානය කරන ලද කළුතර චෙස් ශූරතා තරගාවලියේදී ද අවුරුදු 14න් පහළ කාණ්ඩයේ තෙවැනි ස්ථානය හිමි කරගන්නට රශ්මික තේනුවර සමත්ව ඇත්තේ ලකුණු 1548ක් සමඟිනි.

රශ්මිකගේ මෙම දක්ෂතා හේතුවෙන් ඔහු මහනුවර පළාතේ අවුරුදු 14න් පහළ කාණ්ඩයේ ඉහළම දක්ෂතා දක්වා ඇති චෙස් ෆිඩේ ක්‍රීඩකයා බවටද පත්ව ඇත. එමෙන්ම ෆිඩේ චෙස් ලෝක සම්මේලනයේ සංවිධායකත්වයෙන් ලබන වසරේ සැප්තැම්බර් මස ස්පාඤ්ඤයේදී පැවැත්වීමට නියමිත බ්ලිට්ස් චෙස් ලෝක ශූරතා තරගාවලියටද ඔහු සහභාගි වීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon