ක්‍රිකට්වලට ආපු එංගලන්ත ක්‍රීඩකයෝ උතුරේ බිම් බෝම්බ ගැනත් උනන්දු වෙති

  👤  1998 readers have read this article !
By mawbima 2018-11-21

මේ දිනවල ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරත වන එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායක ජෝ රූට් ඇතුළු ක්‍රීඩකයන් කිහිප දෙනකු පසුගියදා මන්නාරම පෙරියමඩු ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් යුද සමයේදී වළ දමන ලද බිම් බෝම්බ ඉවත් කරන ආකාරය නිරීක්ෂණය කිරීමේ චාරිකාවක නිරත විය.

ඒ අනුව එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ කීටන් ජෙනිංස්, ජේම්ස් ඩෝරිස්, ජොනී බෙයාස්ටෝ, ඔලී ස්ටෝන් යන ක්‍රීඩකයන් සහ කණ්ඩායම් කළමනාකාරිත්වයේ නිලධාරීන් පිරිසක් ජෝ රූට් සමඟින් මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා එක්වී ඇත. එහිදී ඔවුන් එංගලන්ත රජයේ ආධාර මත ක්‍රියාත්මක වන 'මැග්' නමැති රාජ්‍ය නොවන සංවිධානය මඟින් මන්නාරමේ පෙරියමඩු ප්‍රදේශයේ බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සිදු කරන ආකාරය සම්බන්ධයෙන් නිරීක්ෂණය කර ඇති අතර එම සංචාරයේදී ඔවුන්ට බිම් බෝම්බ ඉවත් කරන ආකාරය සහ එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් එම ප්‍රදේශයේ වළදමා ඇති බිම් බෝම්බ වර්ග පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් ද මැග් සංවිධානයට අනුයුක්තව බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතුවල නිරත වන නිලධාරීන් විසින් සිදු කර ඇත.

මේ අතර එංගලන්ත ක්‍රීඩකයන්ගේ මෙම නිරීක්ෂණ චාරිකාව ශ්‍රී ලංකා බි්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කර තිබුණු අතර කොමාන්ඩෝ බළකාය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් එම ක්‍රීඩකයන්ට අවශ්‍ය ආරක්‍ෂාව සපයා තිබිණි.

ඡායාරූප - ශෂි කුමාර් _ මුලතිව්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon