කරවල විකුණන අබලන් ලොරිය නිවහන කරගත් පවුලක්

  👤  2065 readers have read this article !
By mawbima 2018-11-21

තෙල්දෙණිය - කේ. නිශ්ශංක

ජීවත් වීම සඳහා නිවෙසක් නොමැති මහ මඟ තැනින් තැන යමින් අබලන් ලොරි රථයක දිවා - රෑ ගත කරන හා එහි කරවල වෙළෙ¼දාමේ යෙදී සිය දරු පවුල සමඟ ඉතා කටුක ජීවිතයක් ගත කරන සුනිල් ජයලත් නමැති ස්වයං රැකියාවක් කරන දිගන තිදරු පියෙක් තමන්ට කුඩා නිවෙසක් තනා ගෙන දරුවන් සමඟ එකට ජීවත් වීම සඳහා කාරුණික දානපතියකුගෙන් ඉඩම් කැබැල්ලක් ඉල්ලමින් සිය අසරණ තත්ත්වය පවසයි.
දිගන - ගෝනවල ප්‍රදේශයේ උපත ලද තිස් අට හැවිරිදි සුනිල් ජයලත් එම ප්‍රදේශයේම මේනකා ප්‍රියංගනී නමැත්තිය සමඟ විවාහ වී දරුවන් තිදෙනකු ලද දරු පවුලකි.

ඔහු ස්වයං රැකියාවක් ලෙස මන්නාරමට ගොස් වියළන ලද කරවල ගෙනැවිත් දිගන පැරණි නගරයේ දී ඔහු සතු ඇන්ජිමක් නොමැති මහ මඟ ධාවනය නොවන කුඩා ලොරි භාගයක තබා ඒවා අලෙවි කරමින් සිය නිවහන ලෙස එම ලොරි රථය භාවිත කරමින් එහිම ජීවත් වෙති.

ප්‍රමෝද් ජයලත් (15), නලින්ද ජයලත් (09) හා අනුහස් නමැති වයස අවුරුදු දෙකහමාරක් වයසැත් පුතුන් තිදෙනෙක් ඔහුට සිටිති.

තම දරුවන් මේ අන්දමින් කරවල සුවඳ සමඟ එම ලොරි රථයේ ජීවත්වීම හා එහි නිදා ගැනීම පිළිබඳව බියවී සිටින ජයලත් එම දරුවන් පරිවාස නිලධාරි භාරයට හෝ පත්වේ යැයි සැකයෙන් බියෙන් ජීවත් වෙයි. එබැවින් ඔහු දන්නා හඳුනන නිවෙස්වල තම දරුවන් තිදෙනාට රෑ පහන් ගත කිරීමට සලස්වයි.

තම දරුවන් තිදෙනා ජීවත් කරවීම සඳහා ජයලත්ගේ බිරිය මේනකා ප්‍රියංගනී පෞද්ගලික ආයතනයක සුළු රැකියාවක් කරන්නීය.
ඇයට ලැබෙන සුළු වැටුපෙන් කොටසක් ඔහු ස්වයං රැකියාව වන කරවල මිලදී ගැනීමට යොදා ගනී.

තම දරුවන්ද දැන් අසරණ තත්ත්වයට පත්ව ඇති බැවින් දානපති මහත්මයකුගේ හෝ මහත්මියකගෙන් තමන්ට කුඩා පැල්පතක් සාදා ගැනීමට පර්චස් පහක බිම් කැබැල්ලක් ලබාදෙන ලෙස ඔහු ජනතාවගෙන් කාරුණිකව ඉල්ලීමක් කරයි.

ඔහුගේ දුරකථන අංකය 0779644617.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon