අගමැතිගේ වැය ශීර්ෂය කපන්න විපක්ෂයට බෑ

  👤  2365 readers have read this article !
By mawbima 2018-11-21

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ වැය ශීර්ෂය කපා හැරීම ඇතුළුව මුදල්වලට අදාළ යෝජනා නීති විරෝධි ලෙස ගෙන ඒමට විපක්ෂයට නොහැකි බවත් එසේ ගෙන එනු ලබන යෝජනාවල කිසිදු වලංගුභාවයක් නොමැති බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළ බව ඇමැති වාසුදේව නානායක්කාර මහතා 'මව්බිම'ට කීය.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට පටහැනි වන ආකාරයෙන් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන ආකාරයෙන් විපක්ෂය ගෙන එන කිසිදු යෝජනාවක් වලංගු නොවන බවත් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවැසීය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු එජනිසයේ පක්ෂ නායකයන් සමඟ පෙරේදා (19දා) රාත්‍රි ජනාධිපති නිල නිවෙසේ පැවැති සාකච්ඡාවේදී මෙම කරුණු අනාවරණය වූ බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon