අය_වැය කියවද්දී නිල් චිත්‍රපට බැලූ මන්ත්‍රින් ඉල්ලා අස්විය යුතුයි

  👤  2225 readers have read this article !
By mawbima 2018-11-21

පනාගොඩ_

චම්පා ජීවන්ති,
මතුගම -
වසන්ත කුමාර

'පළාත් සභාවේ විශාල මුදලක් වියදම් කරලා සෑම මන්ත්‍රිවරයකුටම පරිගණක පහසුකම් හා අන්තර්ජාල සම්බන්ධතා ලබාදී තිබෙන්නේ යම් යම් කරුණු පිළිබඳව අවශ්‍ය තොරතුරු සොයන්න මිසක් අසභ්‍ය චිත්‍රපට බලන්න නෙවේ. ඒ පිළිබඳව නොදන්නා මෝඩ තකතීරු බුද්ධියක් නොමැති නූගත් මන්ත්‍රිවරුන් කොටසක් අද වනවිට මුළු සභාවේම ගෞරවය කෙලසලා තියෙනවා. ඒ නිසා එම සිද්ධියට සම්බන්ධ සියලු මන්ත්‍රිවරුන් ඉල්ලා අස්විය යුතු යැයි බස්නාහිර පළාත් සභාවේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රි ලලිත් එල්ලාවල පැවැසීය.

ඉකුත් 19 වැනි දින බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා විසින් 'අය _ වැය ඉදිරිපත් කරන අතරතුර මන්ත්‍රින් පිරිසක් පළාත් සභාවේ පරිගණක මඟින් අසභ්‍ය චිත්‍රපට නරඹයි' යනුවෙන් පළ වූ මාධ්‍ය වාර්තා පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා කළුතර දිස්ත්‍රික් පළාත් සභා මන්ත්‍රි සංසදය මඟින් හොරණ ප්‍රදේශයේ ඊයේ (20දා) දහවල් පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රිවරයා එලෙස අදහස් පළ කළේය.
එම අවස්ථාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ
එල්ලාවල මහතා,

'අද උදෑසන මම රූපවාහිනියේ පුවත්පත් සිරස්තල නරඹන විට මගේ බිරියත් දරුවනුත් එම ස්ථානයේ සිටියා. පළාත් සභා මන්ත්‍රිවරුන් අසභ්‍ය චිත්‍රපට බලයි කියලා පුවත්පත් සිරස්තල කියන කොට මට මගේ ළමයින්ගේ මුහුණු බලන්න බැරි තත්ත්වයක් උදාවුණා. නූගත් කිහිපදෙනකුගේ වැඩක් නිසා මන්ත්‍රිවරුන් ලෙස අපි හැම දෙනාවම අපහසුතාවට පත් වෙනවා. ඒ නිසා මේ චෝදනාවට ලක් වන මේ කටයුත්තට සම්බන්ධ මන්ත්‍රිවරුන් කවුද කියලා මහජනතාවට එළිදරව් කරන ලෙස අප පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිනවා.'

'බස්නාහිර පළාත් සභාව තරම් පසුගිය කාලයේ දැඩි අප්‍රසාදයට ලක්වෙච්ච පළාත් සභාවක් රටේ නැති තරම්. පසුගිය කාලයේ පුටු ප්‍රශ්නයක් නිසා අප්‍රසාදයට ලක් වුණා. පස්සේ ආයෙත් විශාල වියදමක් දරා හදපු ‍ෙදාරක් ගැන කියල ප්‍රශ්නයක් ඇති වුණා. යන්තම් ඒ ටික මඟහැරිලා යනකොටම දැන් මේ කිහිපදෙනකුගේ මෝඩ වැඩ නිසා යළිත් ප්‍රශ්නයක් ඇති වෙලා. අපි මන්ත්‍රිවරුන් හැටියට දැඩි අපහසුතාවට පත්වෙනවා මෙවැනි කටයුතු නිසා.'

'මෙවැනි සිද්ධියක් වසර කිහිපයකට පෙර ඉන්දියාවේ පාර්ලිමේන්තුවේ සිදු වෙලා එයට සම්බන්ධ මන්ත්‍රිවරුන් සියලුම දෙනා ඉල්ලා අස් වුණා. ඒ නිසා අපිටත් ජනතාවට මුහුණ දෙන්න පුළුවන් වෙන්න මේ සිද්ධියට සම්බන්ධ සියලු මන්ත්‍රිවරුන් ඉල්ලා අස්විය යුතුයි. එසේ නොකළහොත් අපි පළාත් සභාවේ සභාපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා අදාළ සිද්ධියට සම්බන්ධ සියලු දෙනා ජනතාවට අනාවරණය කර අනෙක් මන්ත්‍රිවරුන්ගේ ගෞරවය ආරක්ෂා කරන ලෙස. එසේ අදාළ මන්ත්‍රිවරුන් රටට අනාවරණය වනතුරු අපි මේ සටන අත්හරින්නේ නැහැ.'

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon