කට්ටිය වැඩේ අල කරගෙන වරද කථානායකතුමා පිට දානවා

  👤  2378 readers have read this article !
By mawbima 2018-12-07

අගමැති ධුරය රනිල් වික්‍රමසිංහට නොදෙන බව පවසන්නේ එක්සත් ජාතික පක්ෂය දෙකට තුනට කැඩීමේ අදහසින් මිස පක්ෂයට හෝ සජිත් ප්‍රේමදාස මහතාට ඇති ආදරයකට නොවන බවද, පක්ෂයේ ප්‍රතිසංවිධානයක් ඉල්ලූ මිනිසුන් සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියට ගෙන ආ යුතු අවස්ථාවේ ඉදිරියට ගෙන එනු ඇතැයිද ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවැසුවේ ඉකුත් 4දා බද්දේගම උනන්විටිය ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමිනි.

එහිදී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා මෙසේද පැවැසීය.

දැන් මේ වෙන කොට අභියාචනාධිකරණයෙන් දීපු තීන්දුවත් එක්ක මේ රටේ දේශපාලනය උඩු යටිකුරු වෙලා තියෙන්නේ. මේක රට අරාජික තත්ත්වයට පත් කිරීමක්. අද හැමදේම වරද්දගෙන කථානායකගේ පිට වරද පටවන්න උත්සාහ කරන්නේ ඩලස් අලහප්පෙරුම. මම එතුමාට කියන්න කැමැතියි පටු තැනක ඉන්නේ නැතිව වැඩේ අල කරගෙන තියෙන්නේ කවුද කියලා හොයා බලන්න කියලා. ඔබතුමන්ලාගේ උපදෙස් පිට කටයුතු කරපු ජනාධිපතිවරයාද වෙන කවුරුවත්ද කියලා ගිහිල්ලා හොඳට සිහි නුවණින් කල්පනා කරලා බලන්න. ඔය වැඩේ අල කරගෙන තියෙන්නේ අපි පත් කරපු ඔබතුමන්ලා නොමඟ යවපු මෛත්‍රිපාල මහත්තයයි. බල කෑදරකමින් කටයුතු කරන ඔබතුමාලගේ හොර අගමැතිවරයයි තමයි.

දෙසීය විසිපහම කීවත් දෙන්නේ නෑ. මේකට වෙන කෙනෙක් ගේන්න වෙන කෙනකුටයි දෙන්නේ කියන්නේ එක්සත් ජාතික පක්ෂයටවත් සජිත් ප්‍රේමදාස මහත්තයාටවත් ආදරේ නිසා නෙමේ.

සජිත් ප්‍රේමදාස මහත්තයා ඉස්සරහට ගේන්න අවශ්‍ය වෙලාවට අපි ඉස්සරහට ගෙන්නම්. ඒකේ න්‍යාය පත්‍රය හදන්න ඕනේ ජනාධිපතිතුමා නෙවෙයි. ඒ න්‍යාය පත්‍රයේ දිනය වේලාව අවස්ථාව තීරණය කළ යුත්තේ එක්සත් ජාතික පක්ෂයයි.

එක්සත් ජාතික පක්ෂයේ අපි තීරණය කරන්නම් සජිත් ගේන්න ඕන කොයි වෙලාවටද වෙන නායකයෝ ඉන්නවා නම් ඒගොල්ලන් ගේන්න ඕන කොයි වෙලාවටද කියලා. මේ බෝල දාන්නේ එක්සත් ජාතික පක්ෂය විනාශ කරන්නයි.

මාපලගම - රසික සෙනවිරත්න

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon