යුද්ධයෙන් වැන්දඹුවන් වූ උතුරු-නැඟෙනහිර 33,000ට තවත් කතුන් එකතු කළ යුතු නෑ

  👤  2137 readers have read this article !
By mawbima 2018-12-07

යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශ ලවා යළිත් වරක් උතුරේ සෑම තැනකම මාර්ග බාධක දමාගෙන ජනතාව පීඩාවට පත් නොකරන ලෙස තමන් විශේෂයෙන්ම පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජික සාමාජිකාවන්ගෙන් ඉල්ලා සිටින බව උතුරු පළාත් සභාවේ හිටපු ඇමැතිනි ආනන්දි සෂිහරන් මහත්මිය යාපනයේදී පැවැසුවාය.

යාපනයේ කොලුම්පුතුරේ ප්‍රදේශයේ උත්සවයකට සහභාගි වෙමින් ජනතාව ඇමතූ ඇය කියා සිටියේ යුද්ධයක් නොමැති අවස්ථාවක නොහොබිනා දේ කිරීම නිසා පීඩාවට පත් වන්නේ අහිංසක ජනතාව බවයි.
එහිදී සෂිහරන් මහත්මිය මෙසේද පැවසුවාය.

එල්.ටී.ටී.ඊ. සංවිධානය ක්‍රියාත්මක කාලවකවානුවේදී අවිගත් පිරිස් විසින් සිදු කළ දේ යුද්ධයක් නොමැති මේ අවස්ථාවේදී සිදු කිරීමට යෑම නිසා සිදුවන්නේ උතුරු පළාත පුරා මුරකපොලු දැමීමට බලා සිටින ආරක්ෂක අංශවලට ඒ සඳහා පරිසරය සකසා දීම පමණයි.

ඉතා සුළු පිරිසක් විසින් කරන දේ නිසා මුළු දෙමළ ජනතාවම පීඩාවට පත්වෙනවා. මේ අවස්ථාවේදී දෙමළ ජනයා කෙරෙහි දකුණෙන් විශාල විරෝධයක් ගොඩනොනැඟෙන ලෙස සියලු දෙනාම කටයුතු කළ යුතුයි. යුද්ධය නිසා උතුරු නැඟෙනහිර පළාතට එකතු වී සිටින 33,000ක් පමණ වූ වැන්දඹු කාන්තාවන් ගොඩට තවත් කාන්තාවන් එකතු නොකිරීමට සියලු දෙමළ වැසියන් කටයුතු කළ යුතුයි. යුද්ධය නොමැති අවස්ථාවක රටේ යුද්ධයක් ඇතැයි සිතා කටයුතු නොකරන්න.

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon