රනිල් ! සතරවරම් දෙවියන්ගේ නාමයෙන් ඡන්දයට එන්න

  👤  2232 readers have read this article !
By mawbima 2018-12-07

නීත්‍යනුකූල පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව යෝජනාවක් ගෙනෙන්නේ නම් ඊට මුහුණ දීමට සූදානම් බවත් තම කණ්ඩායම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන බැවින් පාර්ලිමේන්තුව තුළ වර්තමානයේ පවතින කැලෑ නීතියට අනුව කටයුතු කිරීමට සූදානම් නැති බවත් ගාමිණී ලොකුගේ මහතා පැවැසීය.

මහ මැතිවරණයක් පවත්වන්නැයි අධිකරණ තීන්දුව ලබාදුනහොත් මෙතෙක් පාර්ලිමේන්තුව රැස්කිරීමට වියදම් වූ මුදල දරන්නේ කවුදැයි තමන් ප්‍රශ්න කරන බවද ඒ මහතා පැවැසුවේය.
පෙරේදා (05දා) බත්තරමුල්ල නෙලුම් මාවතේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් මෙසේද කීය.

අපිට රටක් තියෙන්න ඕනේ නිසා රට ගැන කල්පනා කරලායි මහින්ද මහත්තයා රට භාර ගත්තේ. එතුමා යුද්ධය අවසන් කළා. එදා ලෝක ආර්ථික අර්බුදයක් තිබුණු බව රටේ ජනතාවට දැනෙන්නවත් ඉඩ තිබ්බේ නැහැ. පාර්ලිමේන්තුවේ ඔළු ගෙඩිවලට වඩා ජනතාවගේ පරමාධිපත්‍ය වෙනුවෙන් ඡන්දයක් කැඳවන්න එතුමා තීරණය කළා.

එක පිලක් ඡන්දයට කැමැති නැති වුණත් මේ අයට කවදහරි ඡන්දයට යන්න වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරනවා නම් මහා මැතිවරණයකට ගිහින් ජය ගන්න ඕනේ. ජාත්‍යන්තරය මෙයට මැදිහත් වෙමින් සිටිනවා. රටේ ස්ථාවරත්වයක් නැති බව කියමින් රේට් අඩු කරනවා. මේ විදියටම පකිස්තානයේත් සිද්ධ වුණා. අපිට සැකයක් තියෙනවා අපේ රටේ කරන්න උත්සාහ කරන්නෙත් පකිස්තානයෙ සිද්ධ වුණා වගේ දෙයක්ද කියලා. අපි දිගටම කථානායකට කිව්වේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව යෝජනාවක් ගෙනත් පාර්ලිමේන්තු පක්ෂ නායක කොමිටියට දාලා ඒ අනුව විවාදයක් පවත්වලා ඡන්දයක් තියන්න කියලයි.

ජනාධිපතිතුමා 14 වැනිදා පාර්ලිමේන්තුව කැඳවා තිබුණත් කථානායකතුමා දන්නවා නඩු තීන්දුව අනිත් පැත්තට දුන්නොත් මේ ක්‍රියාදාමයන් අහෝසි වෙන බව. කථානායකතුමාට තිබුණේ පාර්ලිමේන්තුව රැස්වෙලා එදා න්‍යාය පත්‍රය අනුව කටයුතු කරලා නඩු තීන්දුව තෙක් පාර්ලිමේන්තුව කල් දැමීමයි. අලුත් අගමැති හා කැබිනට් එකක් පත් කරලා තියෙන නිසා න්‍යාය පත්‍රයේ විදියට පාර්ලිමේන්තුව කල් දාලා විශ්වාසභංග යෝජනාව ගේනවා නම් ඒක න්‍යාය පත්‍රයට දාලා හරි විදියට ගේන්න තිබුණා. කථානායකට මේ වෙනකොට විශ්වාසභංග කීයක් අපි භාරදීලා තියෙනවද? ඒවා මේ විදියට ගේන්නේ නැහැනේ.
නඩුවෙන් බැරිවෙලාවත් මැතිවරණයකට යන්න කිව්වොත් මොකද කරන්නේ.

අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන
රනිල් වික්‍රමසිංහ මහතා කියනවා හතර වරම් දෙවියන්ගේ නාමෙන් පලයව් කියලා. කවුද මේ හතරවරම් දෙවියන් කියලා එතුමා දන්නවාද දන්නේ නැහැ. අපි කියන්නේ හතරවරම් දෙවියන්ගේ නාමෙන් ඡන්දෙකට පලයව් කියලයි.

මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්වීමෙන් පස්සේ මේ වනවිට තුන් වතාවක් තෙල් අඩු කළා. දිනෙන් දින ජනතාවගේ පැත්තෙන් සහන ගේන්න හිටියේ. ව්‍යාපාරිකයන්ට, තොග වෙළෙ¼දාමට තිබුණු ප්‍රශ්න විසඳන්න හිටියේ. ව්‍යාපාරිකයෝ වෙනම ගෙනත් කතා කළා. සේවකයෝ අයින් කරන්න හිටිය කොම්පැනි දැන් කියනවා සේවකයන් ඉවත් කරන්නේ නැහැ කියලා.

එජාප ඉතිහාසයේ ලොකුම අර්බුදයයි මේ ඇති වෙලා තියෙන්නේ. හිටපු ජනාධිපතිතුමාගේ කාර්ය මණ්ඩල ප්‍රධානි ගාමිණි සෙනරත්ට නඩුවක් පැවරුවේ හොරකම් කරලා නෙවේ.

ලිට්රෝ ගෑස් ඇතුළු සමාගම් කිහිපයක එකතුවෙන් හදපු මූල්‍ය සමාගමකින් කරපු දේකට. ඒ සමාගමට අනුමැතිය තිබුණා. එහෙම තිබියදීත් තමයි මේ අය උසාවි ගියේ. එහෙමනම් දඹර අමිල හිමිට මහජන සේවයට කියලා සමාගමකින් සල්ලි දෙන්නේ කොහොමද? දැන් මේ වංචාවල් ටිකෙන් ටික එළි වෙනවා. ගාමිණි සෙනරත්ට එරෙහිව නඩු දාන්න ගිහින් වඳින්න ගිය දේවාලේ දැන් ඉහේ කඩා වැටිලායි තියෙන්නේ. ඉදිරියේදී මහ බැංකුව සම්බන්ධ සිද්ධිත් එළිවෙන්න නියමිතයි.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඡන්දය දීම ගැන අපි කනගාටු වෙනවා. ඒකෙන් වුණු ආරවුල ජනතාවගේ පැත්තෙන් බේරා ගන්න බැහැ. මිනිස්සුන්ට තියා අපිට තේරෙන්නෙත් නැහැ මොනවා වෙනවාද කියලා. කොමිෂන් සභා පත් කරලා ප්‍රජාතන්ත්‍රවාදය සුරකියි කියලා හිතලයි අපි ඡන්දය දුන්නේ. අද වෙනකොට 19 රට අස්ථාවර කරලා. මේ නිසා 19 වැනි සංශෝධනය වෙනස් කරන්න වෙනවා.

ඉෂාරා සිල්වා

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon