විදෙස් රැකියා ආයතනයකින් මාස අටකට පෙර කුවේට් යැවූ බිරිය නිවෙසක සිර කරලා

  👤  2144 readers have read this article !
By mawbima 2018-12-07

හලාවත - ප්‍රසාද් පූර්ණමාල්

මාස අටකට පෙර කුවේට් රටට ගිය තම බිරිය එහි සිරකරගෙන සිටින බව කියමින් පියකු හා දියණියක ඊයේ (06දා) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හලාවත කාර්යාලය ඉදිරිපිටට පැමිණ විරෝධතාවක නිරත වූ අවස්ථාවේ මාධ්‍යයට ලබාදුන් වීඩියෝ පටයක් සමඟයි.

මේ පිරිස මෙලෙස විරෝධය දැක්වීම සඳහා හලාවතට පැමිණි තෙවැනි අවස්ථාව මෙයයි.

ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 33 හැවිරිදි ස්වාමිපුරුෂයා හා ඇයගේ දියණිය (11) මෙලෙස විරෝධතාවයේ නිරත වූයේ සුනේත්‍රා (32) නමැති කාන්තාව පිළිබඳව ස්ථීර තොරතුරක් ලබාදෙන ලෙස ඉල්ලමිනි.
පසුගිය අප්‍රේල් මස 23 වැනි දින කුරුණෑගල පිහිටි පෞද්ගලික විදේශ රැකියා ආයතනයකින් මේ කාන්තාව කුවේට් රටට ගොස් ඇත. පසුව මාස දෙකකට ආසන්න කාලයක් කුවේට් පිහිටි ඒජන්සියක මේ කාන්තාව සිර කරගෙන සිට ඇති අතර ඒ කාලය අතරතුර මේ කාන්තාව මුදලට විකිණීමට උත්සාහ කර ඇත. මේ ස්ථානයට කාන්තාවන් මිලදී ගැනීම සඳහා පැමිණෙන පුද්ගලයන්ට රැඟුම් පෙන්වීමට මේ කාන්තාවට බල කර ඇතත් ඇය ඊට අකැමැති වීම හේතුවෙන් ඇයට විවිධ තාඩන පීඩනවලට මුහුණ දීමට සිදුව ඇත.

ඒ අනුව පසුගිය මැයි 12 වැනි දින ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හලාවත කාර්යාලයට පැමිණ පැමිණිලි කළ අවස්ථාවේදී කොළඹ පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත ගොස් ඉක්මනින් අවශ්‍ය කටයුතු කරන ලෙස උපදෙස් ලැබී තිබේ. ඒ අනුව එදිනම කොළඹ ගියත් පසුව දැනුම් දීමක් කරන බව පවසා ඇත. ඒ අනුව පසුගිය මැයි 30 වැනි දින කොළඹ පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත මේ පුද්ගලයා කැ¼දවා ඇතත් ඒජන්සිකරු නොපැමිණීම හේතුවෙන් පැමිණිලි විභාගයක් කර නොමැත. ඒ අවස්ථාවේදී පැමිණිලිකරු ඒජන්සිකරුට දුරකථනයෙන් කතා කළත් පරුෂ වචනයෙන් බැන දුරකථනය විසන්ධි කර තිබේ.

එම ස්වාමිපුරුෂයා තම දියණිය සමඟ පසුගිය ජුනි මාසයේද හලාවත උපවාසයක් කර ඇති අතර එහිදී බලධාරීන් ඔහුට පොරොන්දු වී ඇත්තේ දින කීපයක් ඇතුළත බිරියට රැකියාවක් ලබා දෙන බවයි. ඒ අනුව බිරිය නිවෙසකට දමා ඇති බව පවසන ස්වාමිපුරුෂයා ඒ නිවෙසේ මාස දෙකක පමණ කාලයක් තබා නැවත ඒජන්සියට රැගෙන ගොස් වෙනත් නිවෙසකට යන ලෙස බල කර ඇති බව තමාට බිරිය දුරකථනයෙන් දැනුම් දුන් බව පැවැසීය.

මේ වන විට තම බිරිය කුවේට් හි පිහිටි තානාපති කාර්යාලයේ සිර කරගෙන සිටින බව, ස්වාමිපුරුෂයා

වැඩිදුරටත් පැවැසීය. තමා කුවේට් රටේ සිටින තම හිතවතකු මාර්ගයෙන් ලබාගත් වීඩියෝවක්ද මාධ්‍යයට ඉදිරිපත් කළ බව ඔහු කීය. කාන්තාවන් 30 දෙනකු එම ස්ථානයෙන් සිරකරගෙන සිටි අතර ඉන් හතර දෙනකු කුරුණෑගල පිහිටි ඒජන්සියෙන් යැවූ කාන්තාවන් බවත් පැවැසීය. මීට පෙර කුවේට්හි සේවය කර තිබෙන ස්වාමිපුරුෂයා එහිදී හඳුනා ගත් කුවේට් ජාතිකයකු මාර්ගයෙන් මේ වීඩියෝව හා තොරතුරු ලබාගෙන තිබේ.
විදේශ ගත වූවන් වෙනුවෙන් පෙනී සිටින ආයතන ඉටු කරන්නේ ඒජන්සිකරුවන් රැකීම බව පවසන ඔහු ඉක්මනින් විසඳුමක් ලබා නොදුනහොත් හලාවත පිහිටි විදේශ රැකියා නියුක්ති කාර්යාංශය අසල හෝ කුරුණෑගල ඒජන්සිය අසල මාරාන්තික උපවාසයක් සිදුකරන බව පැවැසීය.

මේ පිළිබඳව කුරුණෑගල පිහිටි විදේශ සේවා නියෝජිත ආයතනයෙන් කළ විමසීමකදී එහි නිලධාරියකු ප්‍රකාශ කළේ තමන් ගණිකා සේවය ස¼දහා කාන්තාවන් පිටරට නොයැවූ බවයි. මේ කාන්තාව නැවත මෙරටට ගෙන්වා දීමට රුපියල් තුන් ලක්ෂ හැත්තෑ දහසක මුදලක් තමන්ට අවශ්‍ය බවද හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

හලාවත පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේ පිළිබඳව මාධ්‍යයට තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon