රෝගී දියණිය රැකගන්න හෘද රෝගී පියාගෙන් ඉල්ලීමක්

  👤  2125 readers have read this article !
By mawbima 2018-12-07

රඹුක්කන - සරත් උඩගම

වර්ෂයකට අධික කාලයක් තිස්සේ රෝගාතුරව ඇවිදීමට පවා නොහැකිව පසුවෙන 27 හැවිරිදි දියණියට ජීවත්වීමට උදවු කරන්නැයි හෘද රෝගයෙන් පෙළෙන 66 හැවිරිදි පියකු පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලීමක් කරයි.
රඹුක්කන ඒරියාව ප්‍රදේශයේ පදිංචි වී එම්. ප්‍රභාෂිණී ශානිකා සමරවීර දියණිය වර්ෂයකට ආසන්න කාලයක් තිස්සේ ඇවිදීමට නොහැකිව කොළඹ ජාතික රෝහල, කෑගල්ල මහ රෝහල ඇතුළු රෝහල් කිහිපයක නේවාසිකව ප්‍රතිකාර ගෙන තිබේ.

විසිහත් වැනි වියේ පසුවන ප්‍රභාෂිණී අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිට ඉන් විෂයයන් දෙකකට සම්මාන සාමාර්ථ ලබාගෙන තිබෙන අතර ඇයගේ මව මීට වසර 10කට පෙර මිය ගොස් තිබේ. 66 වැනි වියේ පසුවන ප්‍රභාෂිණීගේ පියා හෘද රෝගයෙන් පෙළෙන අයෙකි. නිසි ආදායම් මාර්ගයක් නොමැතිකමින් ඔවුන් දෙපළට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමටත් ජීවත්වීමට පවා නොහැකි තත්ත්වයක් උද්ගතව පවතී.

විවිධ ආර්ථික අග හිඟකම්වලින් පෙළෙන තමන්ට සහ දියණියට වෛද්‍ය ප්‍රතිකාර සහ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට පරිත්‍යාගශීලීන් සිටී නම් ලංකා බැංකු රඹුක්කන ශාඛාවේ 79751219 ගිණුමට බැර කරන ලෙස ප්‍රභාෂිණී දියණියගේ පියා වන වී.එම්.සමරවීර මහතා ඉල්ලීමක් කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon