රනිල්ගෙ බලය වැඩි කර ගැනීමට ගෙන ආ 19 වැනි සංශෝධනය අපි සංශෝධනය කරනවා

  👤  2229 readers have read this article !
By mawbima 2018-12-07

රනිල් වික්‍රමසිංහගේ බලය වැඩි කරගැනීම ගැනීම සඳහා ගෙන ආ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තමන්ගේ ආණ්ඩුවක් බලයට පැමිණි විගස සංශෝධනය කරන බව ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පවසයි.


19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ විධිවිධාන හේතුවෙන් අද ප්‍රථමවරට අගමැතිවරයෙක් හා ආණ්ඩුවක් නොමැති රටක් බවට ශ්‍රී ලංකාව පත්වී තිබෙන බවද ඒ මහතා සඳහන් කළේය.

ඊයේ (06දා) බත්තරමුල්ල නෙළුම් මාවතේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු වැඩිදුරටත් මෙසේද කීය.

අද රටේ අමුතු දේශපාලන වාතාවරණයක් ඇතිවෙලා තිබෙන්නේ. කවමදාකවත් ඇති නොවුණ ආකාරයට රටේ ආණ්ඩුවක් නැති අගමැතිවරයෙක් නැති වෙලා තිබෙනවා. මේකට ප්‍රධානම හේතුව තමයි 2015 දින 100 ආණ්ඩුව විසින් ගෙන ආව 19 වැනි සංශෝධනය. එය දින 100 වැඩපිළිවෙළේ ව්‍යාපෘතියක්. මේ සංශෝධනය දෙතුන් දෙනෙක් මුල්කරගෙන ගෙන ආව ව්‍යවස්ථාවක්.

ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ වැනි අයට දේශපාලනය කරන්න බැරි වෙන ආකාරයට විධිවිධාන ඇතුළත් කළා. එජාපයේ අගමැතිවරයාට දිගටම බලයේ ඉන්න පුළුවන් වෙන ආකාරයට තමයි විධිවිධාන ඇතුළත් කරලා තිබෙන්නේ. එහි එක් විධිවිධානයක් තමයි අවුරුදු 4 1/2ක් ගත වනතුරු පාර්ලිමේන්තුව විසුරුවීමට නොහැකි බව. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සීමාවක් පැනවුවා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට.

එය ඉතාම සාධාරණයි. අවුරුද්දක් ගතවූ තැනේදී පාර්ලිමේන්තුව විසුරුවා හරින්න පුළුවන්. 19 වැනි සංශෝධනයෙන් මෙය අවුරුදු 4 1/2ක් වනතෙක් දීර්ඝ කිරීමෙන් රටේ මොන කලබල ඇති වුණත් ආර්ථික හා සමාජයීය වශයෙන් කඩා වැටුණත් විසුරුවා හරින්න බැහැ. අවුරුදු 6ක් තිබුණ පාර්ලිමේන්තු කාලය අවුරුදු 5ට කෙටි කළා. ජනාධිපතිගේ බලතල සීමා කරලා අගමැතිට මොන ප්‍රශ්නය ආවත් බලයේ ඉන්න පුළුවන් ආකාරයට තමයි 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරලා තිබෙන්නේ.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේදී මේ සියලුම කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කරලා ඒ කටයුතු සිදුකළේ. ජේ.ආර්. ජයවර්ධන මහතාට අවශ්‍ය වුණේ දුර්වල පාර්ලිමේන්තුවකුයි ශක්තිමත් විධායකයකුයි. නමුත් මේ අයට ඕනෑ වුණේ ශක්තිමත් පාර්ලිමේන්තුවක්.

මහින්ද යාපා අබේවර්ධන මහතා
බලය රැකගැනීමට ඔවුන් ඕනෑම පාවාදීමක් සිදුකිරීමට සූදානම්. මොවුන් තානාපති කාර්යාල ඉදිරියේ දණ ගහගෙන ඉන්නත් සූදානම්.

ඉෂාරා සිල්වා

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon