අනුර කුමාරගේ කටින් පිට වෙන්නේ රනිල්ගේ හඬයි

  👤  2451 readers have read this article !
By mawbima 2018-12-07

රනිල් වික්‍රමසිංහ මහතාගේ හඬ තමයි දැන් ජනතා විමුක්ති පෙරමුණෙන් පිටවෙන්නේ. පාර්ලිමේන්තුවේ බලය පෙන්වන්න අවශ්‍ය නම් අපි ඒකත් වෙලාවට කරන්නම් යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අවධාරණය කරයි.

අභියාචනාධිකරණය ලබා දුන් ඒ තීන්දුවට තමන් ඇතුළු කණ්ඩායම සම්පූර්ණයෙන්ම විරුද්ධ බවත් පහළ අධිකරණයකින් මෙවැනි තීන්දුවක් ලබා දුන්නේ ලෝකයේ පළමු වතාවට බවත් රාජපක්ෂ මහතා ප්‍රකාශ කෙළේය.


මහ මැතිවරණයක් පැවැත්වීමට බලකර සිටීමේ අස්සන් පන් ලක්ෂයේ පෙත්සම නාරාහේන්පිට අභයාරාමයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත සංකේතාත්මකව ඊයේ (6දා) භාරදුන් අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම වැඩිදුරටත් මෙසේද පැවැසීය.

අද ජනාධිපතිවරයා ඉන්නවා ලේකම්වරු ඉන්නවා ඒ ආණ්ඩුවේ අපි වැඩකරගෙන යනවා. අගමැතිවරයා ඉන්නවා. ඇමැතිවරු ඉන්නවා හැබැයි මෙහෙයවන්න බැහැ. අභියාචනාධිකරණය ලබා දුන් ඒ තීන්දුවට අපි සම්පූර්ණයෙන්ම විරුද්ධයි. අපි මේ ගැන ශේ‍ර්ෂ්ඨාධිකරණයට කරුණු ඉදිරිපත් කරලා තියෙනවා.

මැතිවරණයක් සඳහා අපි සූදානම් වෙනවා. අපි ආවේ මැතිවරණයක් තියන්නයි. අපි එදා භාරගනිද්දීත් මැතිවරණයක් ගැන කිව්වා. දැනුත් කියන්නේ මැතිවරණයක් ගැනයි. මැතිවරණයක් පැවැත්වීම මගේ පෞද්ගලික වුවමනාවක් නෙවෙයි. රටේ බහුතර ජනතාවගේ එකම පරමාර්ථය තමයි මැතිවරණයක් තියලා මේ රට ස්ථාවර කරන එක. අපි වැඩ කරන්නේ ජනතා කැමැත්ත අනුවයි.

පැවිදි හඬ සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි
මේ රටේ තිස් අවුරුදු යුද්ධයක් තිබුණා. ඒ යුද්ධය සමථයකට පත් කරලා සියලුම රට වැසියන්ට නිදහසේ ජීවත්වීමට අවස්ථාව දුන්නේ මහින්ද රාජපක්ෂ මහතායි.

එකම විසඳුම තමයි මහ මැතිවරණයක් පැවැත්වීම. ඒ මැතිවරණය තුළින් රටට හිතැති නායකයෙක් පත්කර ගැනීම අපේ පරමාර්ථයයි. ඒ නායකයා කවුද කියලා අමුතුවෙන් කිව යුතු නැහැ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාටත් මම කියන්න කැමැතියි ඔබතුමා ගත් පය පස්සට ගන්න එපා. ඉස්සරහටම තියාගෙන මේ රට ගොඩනඟන්න ඔබේ ශක්තිය මහින්ද රාජපක්ෂට ලබා දෙයි කියලා අපි විශ්වාස කරනවා.

ඉෂාරා සිල්වා

ඡායාරූප - සස්සඳ ලියනාරච්චි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon