‍ෙදාඩම්ගොඩ මූල්‍ය ආයතනයක හිමිකරු කෝටි 700ක් අරන් පැන ගිහින්?

  👤  2257 readers have read this article !
By mawbima 2018-12-07

පයාගල - සුජිත් මාරියෝ

කළුතර ‍ෙදාඩම්ගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික මූල්‍ය සමාගමක් හදිසියේ වසා දමා එහි හිමිකරු අතුරුදන්ව ඇති අතර ඔහු රටින් පැන යන්නට ඇතැයි රුපියල් කෝටි 700කට අධික මුදලක් එහි තැන්පත් කර ඇති තැන්පත්කරුවෝ සැක පළ කරති.

වසර ගණනාවක් තිස්සේ පවත්වාගෙන ගිය මෙම මූල්‍ය ආයතනයෙන් වැඩි පොලී අනුපාතයක් ලබා ගැනීමට කැමැත්තෙන් ව්‍යාපාරිකයන්, පරිපාලන නිලධාරීන්, පොලිස් නිලධාරීන් හා මාධ්‍යවේදීන්ද ඇතුළු විශාල පිරිසක් මුදල් තැන්පත් කර තිබූ බව කියති.

පසුගිය දින කීපය තිස්සේම වසා දමා තිබූ මූල්‍ය ආයතන භූමියට එක්රැස් වූ තැන්පත්කරුවන් ‍ෙදාඩම්ගොඩ පොලිස් ස්ථානයට, කළුතර පොලිස් අධිකාරි කාර්යාලයට සහ මතුගම පොලිස් අධිකාරි කාර්යාලයට කොටස් වශයෙන් පැමිණියහ. ඊයේ (6දා) වනතුරුත් පොලිසියට විධිමත් පැමිණිල්ලක් සිදු කර නැති බව කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි උපුල් නිල්මිණි ආරියරත්න මහතා කීය.

තැන්පත්කරුවන් අතර විශ්‍රාමිකයන්ද සිටින අතර තවත් පිරිසක් බදු දැලට හසුවෙතැයි බියෙන් නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් නොවන බවද දැනගන්නට ඇත.

තවත් තැන්පත්කරුවන් පිරිසක් මූල්‍ය ආයතන භූමියේ ගාල් කර තිබූ වාහන හා මූල්‍ය ආයතනය තුළ තිබූ භාණ්ඩ රැගෙන ගොස් ඇතැයි දැන ගන්නට ඇති අතර ඒ සම්බන්ධයෙන් කිසිවකු පැමිණිලි කර නැති බව ද පොලිසිය කියයි.

මෙම තැන්පත්කරුවන්ගෙන් සමහරුන්ට එම මූල්‍ය ආයතනය මඟින් ඉදිරියට දින දැමූ චෙක්පත් නිකුත් කර ඇති අතර මූල්‍ය වංචාවක් සිදුවී ඇති බව කිව හැක්කේ ඒවා අගරු වුවහොත් පමණක් බව පොලිසිය කියයි.
මින් රුපියල් ලක්ෂ 5 දක්වා වූ වංචාවක් සිදුව ඇතිනම් ‍ෙදාඩම්ගොඩ පොලිසියටද, ලක්ෂ 50 දක්වා වූ වංචාවක් සිදු වී ඇති නම් මතුගම කොට්ඨාස විශේෂ වංචා විමර්ශන ඒකකයටද ඊට වැඩි මුදල් වංචාවක් සිදුව ඇති නම් අපරාධ
පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද
පැමිණිලි කරන ලෙස පොලිසිය මේ පිළිබඳව දැනුම්දීමට ආ තැන්පත්කරුවන්ට උපදෙස් දී තිබේ. මේ පිළිබඳ පැමිණිලි කීපයක් ඊයේ (6දා) ‍ෙදාඩම්ගොඩ පොලිස් ස්ථානයට හා මතුගම කොට්ඨාස විශේෂ වංචා විමර්ශන ඒකකයට ඉදිරිපත් කිරීමට තැන්පත්කරුවෝ කීපදෙනෙක් සූදානමින් සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon