මහ රෑ ගෙට ඇතුළු වූ හොරෙක් ගැබිනි කතකට පිහියෙන් පහරදී පැනලා

  👤  2164 readers have read this article !
By mawbima 2018-12-07

පයාගල - සුජිත් මාරියෝ

නිවැසියන් ඥාතියකුගේ අවමංගල්‍යයකට සහභාගි වී මහ රෑ නිවෙසට එන විට නිවෙසට ඇතුළු වී සිටි පුද්ගලයකු නිවෙස් හිමියාගේ ගැබිනි බිරියට පිහියකින් පහරදී පැන ගොස් ඇතැයි අලුත්ගම පොලිසිය කියයි.
පහරදීමෙන් තුවාල ලැබූ විජේවර්ණකුල නිලන්ති සෙව්වන්දි නමැති යන අය ප්‍රතිකාර සඳහා බේරුවල රෝහලට ඇතුළත් කර තිබේ.

තමාගේ බිරිය හා නැන්දම්මා නිවෙසේ පදිංචි සිටින බවත් සිද්ධිය වූ දින රාත්‍රියේ 12.30ට පමණ තමා නිවෙසේ ‍ෙදාර විවෘත කර කුස්සියට ගොස් විදුලි පහන දැල්වූ විට ශීතකරණය අසල නාඳුනන අයකු සිටි බවත් තමා කෑ ගැසූ විට ඔහු තමාවත් ගැබිනි බිරියවත් පුටුවේ හිඳුවා බිය ගන්වා ස්වර්ණාභරණ ඉල්ලා සිටි බවත් බේරුවල මොරගල්ලේ පදිංචි ව්‍යාපාරිකයකු වන මනිමෙල්දුර ජනක් මුතුමාල් මෙන්ඩිස් (අවුරුදු 42) යන අය පොලිසියට ප්‍රකාශ කර තිබේ.

තමා සැකකරු සමඟ පොර බැදීමේදී ඔහු අත වූ පිහියෙන් බිරියට පහර දුන් බවත් නැන්දණියගේ කෑ ගැසීමත් සමඟ අසල්වාසීන්ට පැමිණියේද සැකකරු පලා ගිය බවත් පැමිණිලිකරු ප්‍රකාශ කර තිබේ.
සැකකරු නැවත දුටුවොත් හඳුනා ගත හැකි බවද පැමිණිලිකරු ප්‍රකාශ කර තිබේ.

අලුත්ගම පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon