මවට පහර දුන් පියාට පොරොවෙන් ගසා ඝාතනය කිරීමේ සිද්ධිය සැකකාර පුතා අධිකරණයට

  👤  2123 readers have read this article !
By mawbima 2018-12-07

පයාගල - සුජිත් මාරියෝ

තම මවට පහරදුන් පියාට පොරවෙන් ගසා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකාර පුත්‍රයා ‍ෙදාඩම්ගොඩ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඊයේ (6දා) කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

පෙරේදා (5දා) උදේ සිදුවූ මෙම සිද්ධියෙන් මිය ගියේ බෝම්බුවල පදිංචිව සිටි තොටගේ ජයන්ත නම් වූ 49 හැවිරිදි අයෙකි.

කළුතර වැඩබලන මහෙස්ත්‍රාත් ශ්‍යාමලී යාපා මහත්මිය මළ සිරුරු, සිද්ධියට සම්බන්ධද පහරදුන් බව කියන පොරොවද පෙරේදා (5දා) නිරීක්ෂණය කළ අතර පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පානදුර මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියම කළාය.

කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි උපුල් නිල්මිණි ආරියරත්න, සහකාර පොලිස් අධිකාරි නිශාන්ත ද සිල්වා යන මහත්වරුන්ගේ උපදෙස් මත ‍ෙදාඩම්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂණ සම්පත් බණ්ඩාර, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ක්‍රිශාන්ත, උප පොලිස් පරීක්ෂක මහින්ද, පොලිස් කොස්තාපල්වරුන් වන සුරංග (36953), රාජපක්ෂ (991333) හා ප්‍රියශාන්ත (91332) යන මහත්වරු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon